කුරුණෑගල ඩීඅයිජී - එස්පී මාරු කරන්න පොලිස් කොමිසමේ අනුමැතිය

Staff Writer | Author . පරිවර්තනය කරන්න සිංහල හෝ தமிழ் 01. 08. 2019 | 7.28pm
කුරුණෑගල ඩීඅයිජී - එස්පී මාරු කරන්න පොලිස් කොමිසමේ අනුමැතිය

කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් සහ කුරුණෑගල කොට්ඨාස භාර පොලිස් අධිකාරී මහින්ද දිසානායක වහාම ක්‍රියාත්මක වන පරිදි එම බල ප්‍රදේශවලින් ඉවත් කිරීමට ජාතික පොලිස් කොමිසම අද(01) අනුමැතිය ලබා දුන්නේය.

වෛද්‍ය සාෆි සම්බන්ධ විමර්ශනවලට ඔවුන් දෙදෙනාගෙන් බාධා විය හැකි බැවින් සහ ඔවුන් දෙදෙනාගේ ක්‍රියාකලාපය ගැන වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී ඇති බැවින් ඔවුන් ස්ථාන මාරු කරන ගෙස වැඩබලන පොලිස්පතිවරයා ඉල්ලීමක් කර තිබිණි.

පසුගිය 27 වැනිදා පොලිස්පතිවරයා විසින් කරන ලද ඉල්ලීම අද පොලිස් කොමිසමේදී සාකච්ඡාවට බඳුන් විය.

එහිදී දීර්ඝ ලෙස වාද විවාද සිදුවූ අතර අවසානයේ ඔවුන් දෙදෙනා ස්ථාන මාරු කිරීමට කොමිසමේ අනුමැතිය හිමිවිය.

සාෆි සිද්ධියේදී ව්‍යාජ සාක්කි නිර්මාණය කිරීම සහ පොලිස් සටහන් පොත් වෙනස් කිරීම ගැන මේ දෙදෙනාට එරෙහිව රහස් පොලිසියෙන් විමර්ශන ආරම්භ වී තිබේ. ඒ සම්බන්ධ තොරතුරු අධිකරණයට ද වාර්තා කර ඇත.

නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා කුරුණෑගලින් මොනරාගලට ද පොලිස් අධිකාරීවරයා කිලිනොච්චියට ද ස්ථාන මාරු කිරීමට අද අනුමැතිය හිමි විය.

Share