'නුවන් කුලසේකරගේ' තරගය විශිෂ්ට ලෙස ජයගනී

Staff Writer | Author . පරිවර්තනය කරන්න සිංහල හෝ தமிழ் 31. 07. 2019 | 9.36pm
'නුවන් කුලසේකරගේ' තරගය විශිෂ්ට ලෙස ජයගනී

නුවන් කුලසේකර වෙනුවෙන් වෙන් කළ එක්දින තරගය විශිෂ්ට ලෙස ලකුණු 122කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව අද (31) සමත් විය.

අද පැවති තරගය ජයග්‍රහණය කිරීමත් සමග තරග 03කින් සමන්විත බංග්ලාදේශ-ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලිය 3-0ක් ලෙස ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව  පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර කඩුළු 8ක් දැවී ලකුණු 294ක් ලබාගැනීමට සමත් විය.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 87ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 54ක්,දිමුත් කරුණාරත්න ලකුණු 46ක් සහ කුසල් පෙරේරා ලකුණු 42ක් ලබාගත්හ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට ලබා ගත හැකි වූයේ ලකුණු 172ක් පමණි.

සව්ම්‍ය සාර්කර් ලකුණු 69ක් වාර්තා කළේය.

පන්දු යැවීමේදී දසුන් ශානක කඩුළු 3ක්, කසුන් රාජිත කඩුළු 2ක්,ළහිරු කුමාර කඩුළු 2ක් දවාගත් අතර අකිල ධනංජය සහ වනිදු හසරංග අතරේ කඩුල්ල බැගින් බෙදී ගියේය.

ශ්‍රී ලංකාව මෙරට දී එක්දින තරගාවලියක් ජයගන්නේ වසර තුන හමාරකට පමණ පසුවය.

ශ්‍රී ලංකා හිටපු වේගපන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර පසුගියදා(24) එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගත්තේය.

Share