එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

Staff Writer | Author . පරිවර්තනය කරන්න සිංහල හෝ தமிழ் 28. 07. 2019 | 9.54pm
එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට


තරග 03කින් සමන්විත බංග්ලාදේශ-ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව අද(28) සමත් විය.

ඒ දෙවැනි එක්දින තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම කඩුළු 07කින් පරාජය කරමින්.

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර කඩුළු 8ක් දැවී ලකුණු 238ක් ලබාගැනීමට සමත් විය.

මුෂ්ෆිකර් රහීම් ලකුණු 98ක් වාර්තා කළ අතර පන්දු යැවීමේදී අකිල ධනංජය,ඉසුරු උදාන සහ නුවන් ප්‍රදීප් අතර කඩුළු දෙක බැගින් බෙදී ගියේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 44ක් අවසානයේ කඩුළු 03ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය වාර්තා කළේය.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 82ක් ලබාගත්තේය.ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 52ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 41ක් ලබාගත්හ.

ශ්‍රී ලංකාව මෙරට දී එක්දින තරගාවලියක් ජයගන්නේ වසර තුන හමාරකට පමණ පසුවය.

Share