නුවන් කුලසේකර සමුගැනීමට තරගයක් ඉල්ලයි

Staff Writer | Author . පරිවර්තනය කරන්න සිංහල හෝ தமிழ் 23. 07. 2019 | 5.12pm
නුවන් කුලසේකර සමුගැනීමට තරගයක් ඉල්ලයි

තමන්ට සමුගැනීමට එක් තරගයක් ලබාදෙන මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර ක්‍රිකට් ආයතනයෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වෙයි.

ඔහු ලොව අංක එකේ එක්දින පන්දු යවන්නෙක් ලෙසද සම්මානයට පත් විය.

නුවන් කුලසේකරට සමග එකට සමුගැනීමට තරගයක් ලබා දෙන්නැයි තමන් ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටින බව ලසිත් මාලිංග මීට පෙර බීබීසීය සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

තමන් 26 වැනිදා ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී බංගලාදේශය සමග පැවැත්වෙන පළමු එක්දින තරගයෙන් පසු එක්දින පිටියෙන් සමුගන්නා බව ද ලසිත් මාලිංග ප්‍රකාශ කර තිබේ.

කෙසේ නමුත් ලසිත් මාලිංග සමුගන්නා බංග්ලාදේශ සංචාරය සඳහා නම් කළ සංචිතයේ මෙතෙක් නුවන් කුලසේකරගේ නම සඳහන් වී නොමැත.

ලසිත් මාලිංග බීබීසීය සමග කළ සම්මුඛ සාකච්ඡාවේ දී....

“ලෝක කුසලානය ක්‍රීඩා කරලා මම හරි ආසයි ලංකාවේ එක තරගයක් ක්‍රීඩා කරලා යන්න.නුවන් කුලසේකරත් මාත් එක්ක අවුරුදු දහයක් ක්‍රීඩා කරා. මම බලාපොරොත්තුවෙන් ඉන්නවා නුවන් කුලසේකරටත් එක තරගයක් ලැබෙයි කියලා සමුගන්න.මොකද ඔහු අයීසීසී නම්බර් වන් හිටපු ලංකාවේ එකම වේග පන්දු යවන්නා.ඒක නිසා මම හරි කැමැත්තෙන් ඉන්නවා ඔහුයි මායි එකම තරගයකදී සමුගන්න.ඉතින් මම ඒකට ගොඩක් උත්සහ කරලා තියෙන්නේ.මම හිතනවා ඒක සාර්ථක වෙයි කියලා.එහෙම වුණොත් එළැඹෙන බංග්ලාදේශ හෝ නවසීලන්ත සංචාරයෙන් මගේ ක්‍රිකට් ගමන නවතී.“ 

Share