RTI

ඉදිරියේදී සුළං තත්ත්වයේ අඩු වීමක් - කාලගුණ දෙපාර්තමේන්තුව

20. 07. 2019 | 7.10pm
Change සිංහල | தமிழ் | English
ඉදිරියේදී සුළං තත්ත්වයේ අඩු වීමක් - කාලගුණ දෙපාර්තමේන්තුව

දිවයින හරහා දැනට පවතින තද සුලං තත්ත්වයේ තරමක අඩු වීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි නමුත් දිවයිනට වයඹ, බස්නාහිර, නිරිත සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වය ජූලි මස 21 වන දින උදෑසන දක්වා තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි. 

බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.මී. 50-55 පමණ දක්වා තද සුළං ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව කාලගුණ නිවේදනයක් නිකුත් කරමින් කියයි.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් වයඹ පළාතේ සහ කොළඹ, ගම්පහ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් එහි දැක්වෙයි.

මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50-75 ක පමණ තරමක තද වර්ෂාපතනයක් ඇති විය හැකි බවද සදහන් වෙයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිිටී.

මුහුදු ප්‍රදේශ සදහා නිකුත් කළ කාලගුණ නිවේදනය

දිවයිනට වයඹ, බස්නාහිර, නිරිත සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වය ජූලි මස 21 වන දින උදෑසන දක්වා තවදුරටත් බලාපොරොත්තුවේ.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං වයඹ සිට බස්නාහිර දක්වා වන දිශා වලින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (40-50) පමණ වේ.

මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ලසහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 70 දක්වා වැඩි විය හැකි අතර මෙම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතාරළු වේ.

මෙම මුහුදු ප්‍රදේශය තුල 2019 ජූලි 21 වන දින උදෑසන කාලය දක්වා ධීවර කටයුතු වල නොයෙදෙන ලෙස ධීවර ප්‍රජාවට අවවාද කරන අතර නාවුක ප්‍රජාව මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ. 

පසුගිය දිනවල කාලගුණ තත්ත්වයන් බලන්න

Author - Staff writer
Staff writer
Make a Comment



Breaking News
කොරෝනා ආසාදිතයින් බවට 'සැකකරන' දෙදෙනෙක් IDH රෝහලට
කොරෝනා ආසාදිතයින් බවට 'සැකකරන' දෙදෙනෙක් IDH රෝහලට
Read More | 2020-01-25
අජිත් ප්‍රසන්න රිමාන්ඩ් - මානසික වාර්තාවක් කැඳවයි
අජිත් ප්‍රසන්න රිමාන්ඩ් - මානසික වාර්තාවක් කැඳවයි
Read More | 2020-01-24
සයිබර් අපරාධවලට එරෙහිව රජයෙන් නව නීති
සයිබර් අපරාධවලට එරෙහිව රජයෙන් නව නීති
Read More | 2020-01-24
 ලයිසන් ගැනීමේදී වෛද්‍ය පරීක්ෂණයට දින වෙන්කරගන්න ඔන්ලයින් ක්‍රමවේදයක්
ලයිසන් ගැනීමේදී වෛද්‍ය පරීක්ෂණයට දින වෙන්කරගන්න ඔන්ලයින් ක්‍රමවේදයක්
Read More | 2020-01-22
බැඳුම්කර විගණන වාර්තාව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කරන්නැයි ඉල්ලීමක්
බැඳුම්කර විගණන වාර්තාව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කරන්නැයි ඉල්ලීමක්
Read More | 2020-01-22
මහබැංකු වෝහාරික විගණන වාර්තාව ඉදිරිපත් කිරීම යෝග්‍යයි-කථානායක
මහබැංකු වෝහාරික විගණන වාර්තාව ඉදිරිපත් කිරීම යෝග්‍යයි-කථානායක
Read More | 2020-01-21
පැය 24කදී ලෝක බලවතුන් හතර දෙනෙක් ලංකාවට
පැය 24කදී ලෝක බලවතුන් හතර දෙනෙක් ලංකාවට
Read More | 2020-01-14
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කෙරෙයි
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කෙරෙයි
Read More | 2020-01-14
රංජන් රාමනායක අත්අඩංගුවට
රංජන් රාමනායක අත්අඩංගුවට
Read More | 2020-01-14
'යුක්‍රේනියානු ගුවන් යානය කඩා වැටුණේ ඉරානයේ මිසයිල ප්‍රහාරයකින්''
'යුක්‍රේනියානු ගුවන් යානය කඩා වැටුණේ ඉරානයේ මිසයිල ප්‍රහාරයකින්''
Read More | 2020-01-10