RTI

කුරුණෑගල මහේස්ත්‍රාත් ගැන සීඅයිඩියත් පරීක්ෂණයක් ඉල්ලයි

20. 07. 2019 | 10.43am
Change සිංහල | தமிழ் | English
කුරුණෑගල මහේස්ත්‍රාත් ගැන සීඅයිඩියත් පරීක්ෂණයක් ඉල්ලයි

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය ශාෆි ශිහබ්දීන්ගේ සිද්ධියේදී කුරුණෑගල මහේස්ත්‍රාත්වරයාගේ හැසිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර තිබේ.


නඩුවට අදාලත්වයක් නැති දන්ත වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතාට ප්‍රසව හා නාරිවේද විෂය ගැන අධිකරණයේ කරුණු දැක්වීමට අවස්ථාව දීම හා එම අදහස් කාර්ය සටහන්වලින් ඉවත් කිරීමට නියෝග කළැයි කියන සිද්ධිය ගැන සොයා බලන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.


එසේම මෙම විමර්ශනය කරගෙන යෑමට අදාල ඇතැම් නියෝග ලබා නොදී පක්ෂග්‍රාහීව කටයුතු කරන බවක් පෙන්නුම් කරන්නේ යැයි ද, රහස් පොලිසිය බල්ලකුට සමාන කළ පෝස්ටුවක් විනිසුරුවරයාගේ මුහුණුපොතේ පළ කර තිබිණැයි ද මේ ගැනසොයා බලා සුදුසු පියවරගක් ගන්නැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇත. 

මේ සම්බන්ධයෙන් MediaLK ජූලි 12 වැනිදා පළ කළ වාර්තාව පහත දැක්වේ. 


සාෆිගේ පරීක්ෂණ ගැන රෝහල් අධ්‍යක්ෂගේ කතාව නඩුපොතෙන් ඉවත් කරලා කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ශිහබ්දීන්ගේ නඩුව අවස්ථාවේ දී ජුනි 27 වැනි දා කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා විවෘත අධිකරණයේ දී කළ කරුණු දැක්වීම නඩු ගොනුවේ කාර්ය සටහන්වලින් ඉවත් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ(11) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වැඩිදුර වාර්තාවේ සඳහන් කර තිබේ.


නඩුවේ පාර්ශවකරුවකු නොවන කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයාගෙන් මහේස්ත්‍රාත්වරයා ජුනි 27පැවැති පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ දී කරුණු විමසීමක් කර තිබුණි.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එදින නඩුවේ කාර්ය සටහන්වල පිටපත් ලබා ගෙන පරීක්ෂා කරද්දී රෝහල් අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාරගෙන් මහේස්ත්‍රාත් කරුණු විමසූ බවක් හෝ ඔහු දැක්වූ අදහස් ඇතුළත් වී තීබී නැත. ඒ සම්බන්ධයෙන් ලඝු ලේඛිකාවගෙන් විමසද්දී අදාළ කොටස වාර්තාවට ඇතුළත් නොකරන්නැයි මහේස්ත්‍රාත්වරයා උපදෙස් දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (11) වාර්තා කළේය. 


කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි ශිහබ්දීන් සැත්කම් කිරීමෙන් පසු දරුවන් නැතැයි කියමින් පැමිණිලි කළ මව්වරුන් 147 දෙනකුගේ පැලෝපීය නාලවලට හානියක් වී ඇත්දැයි කරන එස්එච්ජී පරීක්ෂණයට ඔවුන් යොමු කිරීමට රහස් පොලිසිය එම නඩු වාරයේදී ඉල්ලීමක් කළේය.

එම අවස්ථාවේ මව්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ප්‍රකාශ කළේ එම පරීක්ෂණය මගින් මව්වරුන්ගේ ජීවිත අවධානමක් සිදුවන බවත්, පිළිකා ඇතිවීමේ ඉඩක් ඇති බවත්ය. ඒ සම්බන්ධයෙන් කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයාට දැනුමක් ඇතැයි ඔවුහු කීහ.


මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා එම අවස්ථාවේ දී විවෘත අධිකරණයේ කරුණු ඉදිරිපත් කිරීමට රෝහල් අධ්‍යක්ෂවරයාට අවස්ථාව දුන් අතර ඔහු ප්‍රකාශ කළේ එස්එච්ජී පරීක්ෂණයෙන් මව්වරුන්ගේ ජීවතවලට අවධානමක් ඇති බවයි. ඔහු ඒ ගැන දීර්ඝ විස්තරයක් කළේය.


ඉන් පසු මව්වරුන්ගේ නීතීඥවරුන් මහේස්ත්‍රාත්ගෙන් ඉල්ලා සිටියේ පරීක්ෂණ කරන විශේෂඥ කමිටුවට කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයාද ඇතුළත් කරන ලෙසයි. ඒ අනුව ඔහු එම කමිටුවට ඇතුළත් කරන ලෙස මහේස්ත්‍රාත් රහස් පොලිසියට උපදෙස් දුන්නේය.


එම අවස්ථාවේ රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී බී එස් තිසේරා මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ එම කමිටුවට ඇතුළත් කළ යුත්තේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් බවයි. කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා දන්ත වෛද්‍යවරයකු පමණක් බවත් ඔහු ප්‍රසව හා නාරිවේද විශේෂඥවරයෙක් නොවන බවත් සහකාර පොලිස් අධිකාරීවරයා දැනුම් දුන්නේය. 

මෙම සිද්ධිධාමයේ රෝහල් අධ්‍යක්ෂ ඇතුළත් කොටස නඩුවේ කාර්ය සටහන්වලට ඇතුළත් කර නැතැයි රහස් පොලිසිය ඊයේ වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට දැනුම් දුන්නේය. 


මෙම නඩුවේ පැමිණිල්ල රහස් පොලිසිය වන අතර සැකකරුවෙක් ලෙස නම් කළ නැති නමුත් රැඳවුම් නියෝග මත වෛද්‍ය සාෆි සිටියේය. අගතියට පත් පාර්ශ්වය වූයේ පැමිණිලි කළ මව්වරුන්ය. කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා පාර්ශ්වකරුවෙක් නොවන බවත්, ඔහු සාක්කිකරුවෙක් නම් සාක්කි විමසන මොහොතේ සාක්කි කූඩුවට නැඟ සාක්කි දිය යුතුව තිබූ බවත් නීතීඥවරු කියති. එසේ නැතිව අධිකරණය ඇමතීමට ඔහුට හැකියාවක් නැති බව ද නීතීඥවරු කියති.


ලඝු ලේඛිකාව විසින් සටහන් කරගනු ලැබූ රෝහල් අධ්‍යක්ෂගේ ප්‍රකාශයේ සහතික පිටපතක් ලබා දෙන ලෙස රහස් පොලිසිය ඉල්ලා සිටියේය.

මේ අතර කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර මහතා සාෆි වෛද්‍යවරයා සම්බන්ධයෙන් විමර්ශන කරන රහස් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවද රහස් පොලිසිය අධිකරණයට වාර්තා කළේය.


සබැඳි පුවත්

Author - Staff writer
Staff writer
Make a Comment



Breaking News
ලාසා වයිරසයෙන් නයිජීරියාවේ 29ක් මරුට
ලාසා වයිරසයෙන් නයිජීරියාවේ 29ක් මරුට
Read More | 2020-01-28
වූහාන් සිට එන ශිෂ්‍යයින් සති 2කට හමුදා කඳවුරකට
වූහාන් සිට එන ශිෂ්‍යයින් සති 2කට හමුදා කඳවුරකට
Read More | 2020-01-28
'චීන කාන්තාව ලංකාවේ සංචාරයට පැමිණ ඇත්තේ කණ්ඩායමක් සමගයි'
'චීන කාන්තාව ලංකාවේ සංචාරයට පැමිණ ඇත්තේ කණ්ඩායමක් සමගයි'
Read More | 2020-01-27
ඉන්දූනීසියාවේ සිට පැමිණි ගුවන් යානයක සිටි කාන්තාවක් IDH රෝහලට
ඉන්දූනීසියාවේ සිට පැමිණි ගුවන් යානයක සිටි කාන්තාවක් IDH රෝහලට
Read More | 2020-01-27
රුධිර සාම්පල පරීක්ෂා කළ අයට කොරෝනා වෛරසය නැහැ-MRI
රුධිර සාම්පල පරීක්ෂා කළ අයට කොරෝනා වෛරසය නැහැ-MRI
Read More | 2020-01-25
අජිත් ප්‍රසන්න රිමාන්ඩ් - මානසික වාර්තාවක් කැඳවයි
අජිත් ප්‍රසන්න රිමාන්ඩ් - මානසික වාර්තාවක් කැඳවයි
Read More | 2020-01-24
සයිබර් අපරාධවලට එරෙහිව රජයෙන් නව නීති
සයිබර් අපරාධවලට එරෙහිව රජයෙන් නව නීති
Read More | 2020-01-24
 ලයිසන් ගැනීමේදී වෛද්‍ය පරීක්ෂණයට දින වෙන්කරගන්න ඔන්ලයින් ක්‍රමවේදයක්
ලයිසන් ගැනීමේදී වෛද්‍ය පරීක්ෂණයට දින වෙන්කරගන්න ඔන්ලයින් ක්‍රමවේදයක්
Read More | 2020-01-22
බැඳුම්කර විගණන වාර්තාව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කරන්නැයි ඉල්ලීමක්
බැඳුම්කර විගණන වාර්තාව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කරන්නැයි ඉල්ලීමක්
Read More | 2020-01-22
මහබැංකු වෝහාරික විගණන වාර්තාව ඉදිරිපත් කිරීම යෝග්‍යයි-කථානායක
මහබැංකු වෝහාරික විගණන වාර්තාව ඉදිරිපත් කිරීම යෝග්‍යයි-කථානායක
Read More | 2020-01-21