RTI

දෙරණින්-හිරුගෙන් වන්දි ඉල්ලා මංගල නඩු මගට

18. 07. 2019 | 4.52pm
Change සිංහල | தமிழ் | English
දෙරණින්-හිරුගෙන් වන්දි ඉල්ලා මංගල නඩු මගට
තිනියාවල පාලිත හිමියන් විසින් කරන ලද ප්‍රකාශයක් තහවුරු කර ගැනීමකින් තොරව විකාශය කළ හිරු සහ දෙරණ නාලිකාවලට රුපියල් බිලියනයක් ඉල්ලා නඩු පැවරීමට නීතීඥවරුන්ට උපදෙස් දුන් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කියයි.
 
ඒ මහතා මේ බව පැවසුවේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.

කිසිවකුගේ අසත්‍ය අපහාසාත්මක කතාවක් විකාශය කරන මාධ්‍යවලට එරෙහිව දිසා අධිකරණයේ අපහාසු නඩු පැවරිය හැකි බව නීති විශාරදයෝ කියති. මාධ්‍යයක් කිසිවකුගේ ප්‍රකාශයක් පළ කළ යුත්තේ තහවුරු කර ගැනීමෙන් පසුව බවත් ඔවුහු පවසති.



Author - Staff writer
Staff writer
Make a Comment