RTI

අත්අඩංගුවට ගන්න සොයන පොලිස් කොමිසමේ ලේකම් රෝහල් ගත වෙයි

18. 07. 2019 | 9.05am
Change සිංහල | தமிழ் | English
අත්අඩංගුවට ගන්න සොයන පොලිස් කොමිසමේ ලේකම් රෝහල් ගත වෙයි

ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවේ සිද්ධියට අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට දැනුම් දෙන ලද ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් සමන් දිසානායක මහතා රෝහල් ගතව ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

ඇවන්ගාඩ් පාවෙන අවිගබඩාව සම්බන්ධ පැමිණිල්ලට අදාළව තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් සමන් දිසානායක මහතා ගොනු කළ අපේක්ෂිත ඇප අයැදුම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කිසිම බාධාවක් නැතැයි පොලිසිය කියයි.

මෙම සිද්ධියට අදාළව සමන් දිසානායක මහතා ඇතුළු හත් දෙනකු වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබිණි.

සිද්ධියේ සැකකරුවකු වන ඇවන්ගාඩ් සභාපති නිශ්ෂංක සේනාධිපතිමහතා විදේශ ගත වී සිටින අතර  තවත් සැකකරුවකු වන රක්නා ආරක්ෂක ලංකා සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර මහතා පසුගිය අට වැනි දා අත්අඩංගුවට ගනු ලැබ මේ වන විට රිමාන්ඩ් බාරයේ පසුවෙයි.

නීතිපතිවරයාගේ දැනුම්දීමත් සමඟ ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් සමන් දිසානායක මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අපේක්ෂිත  ඇප ඉල්ලා සිටි අතර සමන් දිසානායක මහතා අත්අඩංගුවට ගන්නා ලෙස දැනුම් දී ඇත්තේ ගිනිඅවිආඥා පනතෙන් බැවින් එම පනත යටතේ ඇප දීමේ බලයක් මහේස්ත්‍රාත් අධිකරණයට නැතැයි මහේස්ත්‍රාත්වරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පැහැදිලි කළේය.

සමන් දිසානායක මහතා ආරක්ෂක අමාත්‍යංශයේ සහකාර ලේකම්වරයකු ලෙස රාජකාරි කරන සමයේ දී ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවට අදාළව ලිපි දෙකක් නිකුත් කර ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බව පොලිිසිය කියයි.

ගිනි අවි ආඥා පනතට අමතරව අසත්‍ය ප්‍රකාශ ලබා දීම යටතේ දණ්ඩ නීති සංග්‍රහය අනුව ද නඩු පවරන ලෙස නීතිපති රහස් පොලිසියට උපදෙස් දී තිබේ.

මේ සම්බන්ධයෙන් නිශ්ශංඛ සේනාධිපති, සමන් දිසානායක ඇතුළු පිරිසක් මීට පෙර මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කර තිබුණු අතර එය ද ප්‍රතික්ෂේප විය.

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය ද අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා දැනුම් දී ඇති අතර ඇය මීට වසර දෙකකට පමණ පෙර රටින් පිටවූවාය. 

මුලින් මෙම ගොනුවේ කටයුතු කළ අතිරේක සොලිසිටර් ජනරාල් වසන්ත නවරත්න බණ්ඩාර මහතා නීතිපතිට නිර්දේශ කර තිබුණේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද ගිනිඅවි ආඥා පනත යටතේ සහ පුපුරණ ද්‍රව්‍ය ආඥාපනත යටතේ  අත්අඩංගුවට ගැනීමට තරම් ප්‍රමාණවත් සාක්කි ඇති බවයි. කෙසේ වෙතත් නීතිපතිවරයා පොලිස්පතිට යොමු කළ ලේඛනයේ හිටපු ආරක්ෂක ලේකම්වරයා සැකකරුවකු කර නැති අතර ඔහු යටතේ රාජකාරි කළ අතිරේක ලේකම් දමයන්ති ජයරත්න සහ සහකාර ලේකම් සමන් දිසානායක වගඋත්තරකරුවෝ කරනු ලැබ සිටිති.


Author - Staff writer
Staff writer
Make a Comment



Breaking News
ඉන්දූනීසියාවේ සිට පැමිණි ගුවන් යානයක සිටි කාන්තාවක් IDH රෝහලට
ඉන්දූනීසියාවේ සිට පැමිණි ගුවන් යානයක සිටි කාන්තාවක් IDH රෝහලට
Read More | 2020-01-27
රුධිර සාම්පල පරීක්ෂා කළ අයට කොරෝනා වෛරසය නැහැ-MRI
රුධිර සාම්පල පරීක්ෂා කළ අයට කොරෝනා වෛරසය නැහැ-MRI
Read More | 2020-01-25
අජිත් ප්‍රසන්න රිමාන්ඩ් - මානසික වාර්තාවක් කැඳවයි
අජිත් ප්‍රසන්න රිමාන්ඩ් - මානසික වාර්තාවක් කැඳවයි
Read More | 2020-01-24
සයිබර් අපරාධවලට එරෙහිව රජයෙන් නව නීති
සයිබර් අපරාධවලට එරෙහිව රජයෙන් නව නීති
Read More | 2020-01-24
 ලයිසන් ගැනීමේදී වෛද්‍ය පරීක්ෂණයට දින වෙන්කරගන්න ඔන්ලයින් ක්‍රමවේදයක්
ලයිසන් ගැනීමේදී වෛද්‍ය පරීක්ෂණයට දින වෙන්කරගන්න ඔන්ලයින් ක්‍රමවේදයක්
Read More | 2020-01-22
බැඳුම්කර විගණන වාර්තාව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කරන්නැයි ඉල්ලීමක්
බැඳුම්කර විගණන වාර්තාව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කරන්නැයි ඉල්ලීමක්
Read More | 2020-01-22
මහබැංකු වෝහාරික විගණන වාර්තාව ඉදිරිපත් කිරීම යෝග්‍යයි-කථානායක
මහබැංකු වෝහාරික විගණන වාර්තාව ඉදිරිපත් කිරීම යෝග්‍යයි-කථානායක
Read More | 2020-01-21
පැය 24කදී ලෝක බලවතුන් හතර දෙනෙක් ලංකාවට
පැය 24කදී ලෝක බලවතුන් හතර දෙනෙක් ලංකාවට
Read More | 2020-01-14
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කෙරෙයි
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කෙරෙයි
Read More | 2020-01-14
රංජන් රාමනායක අත්අඩංගුවට
රංජන් රාමනායක අත්අඩංගුවට
Read More | 2020-01-14