RTI

පොලිස් කොමිසමේ ලේකම්ගේ අපේක්ෂිත ඇපය විසි කරයි

17. 07. 2019 | 1.58pm
Change සිංහල | தமிழ் | English
පොලිස් කොමිසමේ ලේකම්ගේ අපේක්ෂිත ඇපය විසි කරයි
ඇවන්ගාඩ් පාවෙන අවිගබඩාව සම්බන්ධ පැමිණිල්ලට අදාළව තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් සමන් දිසානායක මහතා ගොනු කළ අපේක්ෂිත ඇප අයැදුම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද ප්‍රතික්ෂේප කළේය.

මෙම සිද්ධියට අදාළව සමන් දිසානායක මහතා ඇතුළු හත් දෙනකු වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබිණි.

සිද්ධියේ සැකකරුවකු වන ඇවන්ගාඩ් සභාපති නිශ්ෂංඛ සේනාධිපතිමහතා විදේශ ගත වී සිටින අතර එක් සැකකරුවකු පසුගිය සතියේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරනු ලැබ තිබේ.

නීතිපතිවරයාගේ දැනුම්දීමත් සමඟ ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් සමන් දිසානායක මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අපේක්ෂිත අප ඇයැදුමක් ඉල්ලා සිටි අතර සමන් දිසානායක මහතා අත්අඩංගුවට ගන්නා ලෙස දැනුම් දී ඇත්තේ ගිනිඅවිආඥා පනතෙන් බැවින් එම පනත යටතේ ඇප දීමේ බලයක් මහේස්ත්‍රාත් අධිකරණයට නැතැයි මහේස්ත්‍රාත්වරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පැහැදිලි කළේය.

සමන් දිසානායක මහතා ආරක්ෂක අමාත්‍යංශයේ සහකාර ලේකම්වරයකු ලෙස රාජකාරි කරන සමයේ දී ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවට අදාළව ලිපි දෙකක් නිකුත් කර ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බව පොලිිසිය කියයි.

ගිනි අවි ආඥා පනතට අමතරව අසත්‍ය ප්‍රකාශ ලබා දීම යටතේ දණ්ඩ නීති සංග්‍රහය අනුව ද නඩු පවරන ලෙස නීතිපති රහස් පොලිසියට උපදෙස් දී තිබේ.
Author - Uditha Dissanayake
Uditha Dissanayake
Make a Comment