සුපිරි පන්දුවාරයකින් අනතුරුව ලෝක කුසලානය එංගලන්තයට

Staff Writer | Author . පරිවර්තනය කරන්න සිංහල හෝ தமிழ் 14. 07. 2019 | 11.55pm
සුපිරි පන්දුවාරයකින් අනතුරුව ලෝක කුසලානය එංගලන්තයට

2019 ලෝක කුසලානය සුපිරි පන්දුවාරයකින් මෙන්ම සුපිරි තරගයකින් අනතුරුව හිමිකරගන්නට අද (14) එංගලන්තය සමත් විය. මෙය ඔවුන්ගේ පළමු ලෝක කුසලාන ශුරතාවයයි.

ඒ අවසන් මහා තරගය සුපිරි පන්දුවාරයේදී ජයග්‍රහණය කරමින්.

වර්ෂාව නිසා තරගය ආරම්භ වීම මදක් පමා වූ අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 50 අවසානයේ කඩුළු 08ක්දැවී ලකුණු 241ක් වාර්තා කළේය.

H. Nicholls පන්දු 77කදී ලකුණු 55ක් ලබාගත් අතර T.Latham පන්දු 56කින් ලකුණු 47ක් ලබාගත්තේය.

පන්දු යැවීමේදී C.Woakes ලකුණු 37කට කඩුළු 3ක් දවාගත් අතර L.Plunket ලකුණු 47කට කඩුළු 3ක් දවාගැනීමට සමත් විය. J.Archer සහ M.Wood  කඩුළු එක බැගින් දවාගත්හ.

එංගලන්තය වෙනුවෙන් ⁣J.Buttler පන්දු 60කින් ලකුණු 59ක්ද බෙන් ස්ටෝක්ස් ලකුණු 84ක්ද ලබාගත් අතර 

J.Neesham සහ L.Ferguson කඩුළු 3 බැගින් දවාගත්හ.

අවසන් පන්දු වාරයේ අතිරේක ලකුණු 4ක් එංගලන්ත කණ්ඩායමට හිමි විය.අති විශිෂ්ට මෙන්ම උණුසුම් තරගයකින් අවසානයේ ලකුණු සම වීම හේතුවෙන් සුපිරි පන්දුවාරයක් සඳහා යාමට සිද්ධ විය.

සුපිරි පන්දුවාරයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය ලකුණු 15ක් වාර්තා කළ අතර දෙවැනිව පන්දුවට පහර දුන් නවසීලන්තය⁣ ලකුණු 15ක් වාර්තා කළ ද ලකුණු සම වීම නිසා ජයග්‍රහණය වැඩිම හතරේ පහරවල් අනුව එංගලන්තයට හිමි විය.

එංගලන්ත කණ්ඩායමේ සුපිරි පන්දුවාරයේදී Ben Stokes ලකුණු 8ක් සහ J.Buttler ලකුණු 7ක් වාර්⁣තා කළ අතර නවසීලන්තය වෙනුවෙන් J.Neesham ලකුණු 13ක් වාර්තා කළේය.

මෙය ලෝක කුසලාන අවසන් මහා තරගයකදී සුපිරි පන්දුවාරය ක්‍රියාක්මක වූ පළමු අවස්ථාවයි.

තරගයේ වීරයා සම්මානය Ben Stokes දිනාගත්තේය.

තරගාවලියේ වීරයා සම්මානය නවසීලන්ත නායක Kane Williamson දිනාගැනීමට සමත් විය.ඔහු තරගාවලියේ දී ලකුණු 578ක් වාර්තා කර තිබේ.


Share