ඕලු ඇල්ලේ, වවුලලගල සහ වී ඔයේ අසිරිය සොයා සබරගමුවට

Staff Writer | Author . පරිවර්තනය කරන්න සිංහල හෝ தமிழ் 09. 07. 2019 | 1.02pm
ඕලු ඇල්ලේ, වවුලලගල සහ වී ඔයේ අසිරිය සොයා සබරගමුවට

කාලෙකට ඉස්සර ගියපු පොඩි සංචාරයක තොරතුරු ටිකක් බෙදා ගන්න හිතුනා. මේක මීට අවුරුදු 03 විතර උඩදී, ඒ කිව්වේ 2016 අවුරුද්දේ නිදහස් දවසේ ගියපු තනි දවසේ සංචාරයක්. ගමන සංවිධානය කලේ අපේ ගමේ මිත්‍රයෝ විසින්. දැනට අවුරුදු 7 විතර ඉඳල අවුරුද්දේ පෙබරවාරි 04 දා නිදහස් දවසේ අපි පුරුද්දක් විදිහට ගමනක් යනවා. මේ 2016 දී ඒ වගේ ගියපු ගමන.අපේ ගමනාන්තය විදිහට තෝර ගත්තේ ලංකාවේ තවත් සුන්දරම දිය ඇල්ලක් වෙන ඕලු ඇල්ල සහ වවුලලගල කියන කන්ද.
මේ ගැන අපි දැනගත්තේ Travel with chathura වැඩසටහනෙන්.

නිදහස් දිනය හැමෝටම නිවාඩු නිසා යන පිරිස මුලින් සුදානම් කළා. ඊට පස්සේ දවස් 2,3 විතර කලින් ඕලු ඇල්ලට යමු කියල තීරණය කරලා,වාහනයක් සුදානම් කර ගත්තා.ගමන ගැන සංක්ෂිප්ත විස්තරයක් ත්‍රෙඩ් එකේ අන්තිමට ලියල තියෙනවා. තනි දවසේ ගමනක් නිසාත්, කෑම බීම සේරම පිටින් ගන්න නිසාත්, ඒ දවස් වල ලංකාවටම තිබුණු අධික පෑවිල්ල නිසා වැස්සෙන් බාධා නැති නිසාත් අපිට අමතර කිසිම බඩු මුට්ටුවක් සුදානම් කරන්න තිබුනේ නැහැ. 

ගමන සිද්ධ වුනු විදිහ ගැන කෙටියෙන් කියනවා නම්,

alu ella road

අපේ ගමන් මාර්ගය වුනේ, ගම්පහ - ඌරාපොල - රුවන්වැල්ල - යටියන්තොට - පරුසැල්ල සීපොත් පාර - දොඹෙපොල - ඕලූ ඇල්ල - වවුලලගල. උදෙන්ම පිටත් වෙලා රුවන්වැල්ලෙන් උදේට කාලා අපි ඔලු ඇල්ල ලඟට එද්දී උදේ 9 විතර ඇති. ඕලු ඇල්ල කියන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ උසින් වැඩිම දිය ඇල්ල.ඕලූ ඇල්ල නිර්මාණය වෙන්නේ වී ඔය මගින්. ඕලු ඇල්ල අසලින් තියෙන ලී පාලම තමයි ලංකාවේ වාහන ගමන්කරන්න හැකි එකම ලී පාලම. අපි යන කොටත් ඕලු ඇල්ල සෑහෙන දුරට වතුර හිදිලා තිබුනේ.ඕලු ඇල්ලේ ඉස්සරහින් බොහොම ගාම්භීරව නැගී ඉන්නේ දූල්ගල ගිරි මුදුන. ( මේ දූල්ගල කන්ද මම මුලින්ම දැක්කේ ඒ වෙලාවේ,ඒක දැකපු මොහොතේම ලොකු ආසාවක් ආවා මේ කන්දට යන්න ඕනේ කියල. හැබැයි ගෙදර ඇවිත් ඒ ගැන විස්තර හොයද්දි කිසිම තොරතුරක් ලැබුනේ නැහැ. නමුත් උත්සාහය අත් නොහැරම ඊට මාස කිහිපයකට පස්සේ එතකොට මම වැඩ කරපු ආයතනයේ යාලුවෙක් එකතු කරගෙන ඒ කන්ද නගින්න පුළුවන් වුනා. ඒකත් ලොකු අත්දැකීම් ලබපු ගමනක්. ඒ ගැනත් ඉස්සරහට ලියන්නම්)



ඔලු ඇල්ල අසලින් තියෙන ලී පාලම 


ඉදිරියෙන් පෙනෙන දූල්ගල කඳු පර්වතය.






ඕලු ඇල්ලෙ පහල කොටස් 

ඕලු ඇල්ල ළඟ ටික වෙලාවක් ගත කරපු අපි ඊළඟට සුදානම් වුනේ ඇල්ලේ මුදුනට යන්න.ඉතින් අපි ගලින් ගලට අඩිය තියල, සමහර තැන් වලින් දෙබුක්කාවල් සහ කටු පඳුරු මැදින් ගිහින් ඇල්ලේ මුදුනටම ගියා.
ඇල්ලේ වතුර අඩු නිසා ලොකු බාධාවකින් තොරව පැයකින් වගේ අපි මුදුනට ආවා.


ඇල්ලේ මුදුනේ දිය පහර

ගමනේ සංක්ෂිප්ත සටහන 
ගමනාන්තය - ඕලු ඇල්ල සහ වවුලලගල 

සිතියම් - පහතින් 



ගමන් මාර්ගය - ගම්පහ - රුවන්වැල්ල - යටියන්තොට ( කොළඹ සිට එන්නේ නම් අවිස්සාවේල්ල හරහා පැමිණිය හැක ) - සීපොත් පාර - ඕලු ඇල්ල.
ඕලු ඇල්ල පිහිටා ඇත්තේ මාර්ගය අයිනේම නිසා පහසුවෙන් ලඟා විය හැක.

සීපොත් මාර්ගයේ ඕලු ඇල්ලට කලින් පේරගස් හන්දියෙන් දොඹෙපොල ගමට පිවිසිය හැක. දොඹෙපොල පන්සල අසලින් වවුලලගල කරා ලඟා විය හැක.

විශේෂ සටහන් - ඕලු ඇල්ල යනු ක්ෂණයකින් ජලය වැඩි වන ස්ථානයකි. ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න.
ඇල්ලේ මුදුනට යාමට තේ වතු මැදින් අඩි පාරක් ඇත.
වවුලලගල මුදුනේ ජල මුලාශ්‍ර නොමැත. ජලය පහලින් රැගෙන යන්න.මග දිගටම ගම්මාන බැවින් ඔවුන්ගේ ජන ජීවිතයට බාධා වෙන අයුරින් කටයුතු නොකරන්න.
වවුලලගල මුදුන යනු අධික ලෙස අකුණු වදින භූමියකි. අකුණු ගසන අවස්තාවන් වලදී සංචාරයෙන් වැළකෙන්න.
වැසි සමයන් හිදී කූඩැල්ලන් බහුලය.ඊට සුදානමින් යන්න. 
පොලිතීන්, ප්ලාස්ටික් හැකි තරම් අවම කරන්න.ඒවා නියමිත පරිදි බැහැර කරන්න.

Credits - Elakiri.com(Dodo Mahaththaya)

Share