හේමසිරිට පූජිතට ඇප

Staff Writer | Author . පරිවර්තනය කරන්න සිංහල හෝ தமிழ் 09. 07. 2019 | 1.17pm
හේමසිරිට පූජිතට ඇප

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට රිමාන් කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්වරුන් ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය.

සැකකරුවන් මිනී මැරීම, මිනී මැරීමට ආධාර අනුබල දීම ය⁣ටතේ අත්අඩංගුවට ගත්තද ඒ බව සනාථ කිරීමට සාක්කි නැතැයි ඔවුන්ගේ නීතීඥයන් කළ කරුණු දැක්වීමක් සැලිල්ලට ගනිමින් ⁣මහේස්ත්‍රාත්වරිය මෙලෙස ඇප නියම කළාය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා අවස්ථා දෙකකදී වැඩ බලන පොලිස්පතිට නියෝග කර තිබිණි.

එම නියෝග නීති විරෝධී බව ද ඇතැම් නීතිවේදීහු ප්‍රකාශ කළහ.

Share