RTI

නුවන් කුලසේකර තාම ඉන්නවද ? - ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු

08. 07. 2019 | 5.31pm
Change සිංහල | தமிழ் | English
නුවන් කුලසේකර තාම ඉන්නවද ? - ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන්නකු වන නුවන් කුලසේකර තාම ඉන්නවාද තමන් දැක නැති බව ලෝක කුසලානය පරාද වි ලංකාවට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු මෙන්ම තේරිම් කමිටුවේ සභාපති අසන්ත ද මෙල් මහතා ප්‍රකාශ කරයි.

සංචිතේකවත් සිටින බව තමන් දැක නැති බවත් ඔහු ක්‍රිකට්වලින් ඉවත් වී ඇතැයි තමන් සිතාගෙන සිටි බවත් අසන්ත ද මෙල් මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ලෝක කුසලානය පරාද වී කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණි පසු පැවති මාධ්‍ය හමුවේදීය.

මාධ්‍යවේදියා - මාලිංගත් කියලා තියෙනවා කුලසේකරට සමුගන්න චාන්ස් එකක් දෙනවනම් හොදයි ඔහුත් එක්කම සමුගන්න කැමතියි කියලා.ඒ වුණාට අපි ඩොමෙස්‍ටික් එකේදී නුවන් කුලසේකරව පහුගිය ටිකේ දැක්කේ නෑ.ඔහුගේ තත්ත්වය කොහොමද,ඔහුට නැවත කණ්ඩායමට එන්න ලැබෙයිද,

අසන්ත ද මෙල් - නුවන් කුලසේකර ?

 “මමනම් දැකලා නෑ එයා සංචිතේකවත් ඉන්නවා.එයා තාම ඉන්නවද මමනම් දැකලා නෑ.මම හිතන්නේ මෙහෙමයි පන්දු යවන්නන්ගේ පැත්තෙන් අපට බලන්න වෙන්නේ ඇත්තටම එයාට එයාගේ පැත්තෙන් විකට් එකකින් ඔප්ෂන් එකක් තියෙනවානම්, මමනම් දැකලා නෑ එයා එච්චර මේ ළගකදී.

මාධ්‍යවේදියා-ඔබතුමා දැකලා නෑ කියන්නේ මොකක්ද ඔහුට වෙලා තියෙන්නේ

නෑ ඇත්තටම මමනම් හිතාගෙන හිටියේ එයා ඇත්තටම ක්‍රිකට්වලින් එච්චර ගහන්නේ නෑ දැන් අයින් වෙලා කියලා මොකද කොහෙවත් විකට් අරන් නමක්වත් ඇවිල්ලා නෑනේ.අනික් එක එයා ඉන්නවනම් අපේ සංචිතයක එයා ඉන්නවානේ කොහේ හරි.එයා එහෙම කොහෙවත් නෑ.ඔයා කිව්ව නිසා මම හොයලා බලන්නම්.හැබැයි මමනම් හිතන්නේ එයාගේ වයසත් එක්ක හුගක් අමාරුයි නේද ඊළග ලෝක කුසලානයට එන්නනම්.දැන් මම හිතන්නේ එයාට වයස 35ක්වත් ඇති නේද.?

මාධ්‍යවේදියා - කළින් ඔබතුමා සදහන් කළා වයස ප්‍රශ්නයක් නෑ කියලා-

නෑ වයස ප්‍රශ්නයක් නෑ කිව්වේ පිතිකරුවන්ට.පන්දු යවන්නන්ට කියලා මම කිව්වේ නෑ.35 දී වේග පන්දු යවන්නන්ට අමාරුයි.

මාධ්‍යවේදියා - නුවන් කුලසේකර කියන්නේ වර්ල්ඩ් රෑන්කින් වලත් ඉහලම හිටිය ක්‍රීඩකයෙක්.ඔහු පිළිබද ක්‍රිකට් ආයතනය දන් නෑ කියන්නේ.

අසන්ත ද මෙල් - හිටියා කියන්නේ 2015ද කොයි අවුරුද්දෙද?

මාධ්‍යවේදියා - අවුරුදු දෙකක් ඔහු හිටියා

අසන්ත ද මෙල් - 2015 නේ කියන්නේ මේ. 2019 නේ දැන් එයාට වයස 35යි 

එහි වීඩියෝව පහතින් - 

Author - Staff writer
Staff writer
Make a Comment