තියුණු තරගයකින් පසු ශ්‍රී ලංකාවට ජය

Staff Writer | Author . පරිවර්තනය කරන්න සිංහල හෝ தமிழ் 01. 07. 2019 | 11.31pm
තියුණු තරගයකින් පසු ශ්‍රී ලංකාවට ජය

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි පැවති තරගයෙන් ලකුණු 23ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව අද(01) සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුළු 6ක් දැවී ලකුණු 338ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට කඩුළු 9ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 315 ක් .

ලෝක කුසලානයක ශතකයක් ලබාගත් ලබාලතම ආසියානු පිතිකරුවා වීමට අවිෂ්ක ප්‍රනාන්දු සමත් වූ අතර එම ශතකය ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ පළමු  ශතකයයි.ඔහු පන්දු 103කදී ලකුණු 104ක් ලබාගත් අතර කුසල් පෙරේරා ලකුණු 64ක් ලබාගත්තේය. 

බටහිර ඉන්දීය කොදෙව්වන් වෙනුවෙන් පූරාන් ලකුණු 118ක් වාර්තා කළේය.

මාලිංග කඩුළු 03ක්ද,රාජිත සහ වැන්ඩර්සේ කඩුළු එක බැගින් දවාගත් අතර 2017 වසරින් පසුව පන්දු යැවූ මැතිව්ස් ගේ පළමු පන්දුවටම කඩුල්ලක් දැවී ගියේය.

Share