හේමසිරි - පූජිත් අත්අඩංගුවට ගන්න සූදානමක්

Staff Writer | Author . පරිවර්තනය කරන්න සිංහල හෝ தமிழ் 01. 07. 2019 | 6.25pm
හේමසිරි - පූජිත් අත්අඩංගුවට ගන්න සූදානමක්

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අත්අඩංගුවට ගැනීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලැබී තිබිය දී එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හේමසිරි ප්‍රනාන්දු  මහතා සහ  පූජිත් ජයසුන්දර මහතා සැකකරුවන් ලෙස නම් කිරීමට නීතිපති උපදෙස් ලැබී  තිබෙන බව පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග කියයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම උපදෙස් ක්‍රියාත්මක කරමින් ඉදිරි පියවර ගන්නා බව දැනගන්නට තිබේ.

Share