RTI

ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතිහාස ගත වෙයි

30. 06. 2019 | 1.01pm
Change සිංහල | தமிழ் | English
ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතිහාස ගත වෙයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තනතුරේ සිටියදී උතුරු කොරියානු භූමියට පා තැබූ පළමු එක්සත් ජනපද ජනාධිපතිවරයා ලෙස අද (30) ඉතිහාසයට එක් විය.

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ගේ ආරාධනයෙන් ට්‍රම්ප් උතුරු හා දකුණු කොරියාව වෙන් කරන දේශ සීමාව වෙත ගිය අතර ඉන්පසු උතුරු කොරියාව වෙත ඇතුළු වූවේය.

මීට පෙර ඇමෙරිකානු ජනපතිවරුන් දෙදෙනකු උතුරු කොරියාවට ගොස් තිබුණේ ඔවුන් ජනපතිධුරයෙන් ඉවත් වූ පසුවයි.ඒ 2009දී බිල් ක්ලින්ටන් සහ ජිමි කාටර් 1994දී සහ 2010 දී.

“ඔබව යළි හමුවීම සතුටක්“කිම් ට්‍රම්ප්ට ප්‍රකාශ කර තිබේ.“මෙහිදී ඔබව හමුවීමට වේවි කියලා මා හිතුවේ නෑ.“

ට්‍රම්ප් පසුව උතුරු කොරියාව දෙසට පියවර 20 ක් පමණ ගමන් කළේය.පසුව ඔහු නැවත ආපසු පැමිණ කිම්ට ධවල මන්දිරයට පැමිණෙන ලෙස ආරාධනා කළේයඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොන් උන් සාකච්ඡාවකට වාඩි වූ අතර ට්‍රම්ප් ඊයේ ට්විටර් හරහා නිකුත් කළ විවෘත ආරාධනයෙන් තමා පුදුමයට පත් වූ බව කිම් ප්‍රකාශ කළේය.

“ට්වීට් එකෙන් ඔබගේ ඉල්ලීම ගැන මා පුදුමයට පත් වූණා.මට ඔබව නැවත හමුවීමට අවශ්‍ය වූණා.උතුරු මෙන්ම දකුණු කොරියාවට මෙම ස්ථානය ඉතිහාසයේ අවාසනාවන්තකමේ සළකුණක්. ඉතින් උතුරු සහ දකුණු කොරියාවට ඔබව හමුවීමට මෙම අවස්ථාව ලබා ගැනීමට හැකිවීම ඉතා වැදගත් වේ. එයින් අදහස් කරන්නේ අපට ධනාත්මක හැඟීමක් ඇතිව එකිනෙකා මුණගැසී පහසුවෙන් හමුවිය හැකි බවයි. අනාගතයේදී අපගේ සියලු සාකච්ඡාවලට මෙය ධනාත්මක බලපෑමක් කරනු ඇතැයි මම විශ්වාස කරමි, ”කිම් පැවසීය.

ඇමරිකානු සහ උතුරු කොරියානු නායකයින් දෙදෙනා මෙලෙස හමුවීමට පෙර අදාළ ප්‍රදේශය උතුරු කොරියානු ආරක්ෂක නිලධාරීන් සහ එක්සත් ජනපද රහස් සේවයේ සාමාජිකයින් විසින් පරීක්ෂා කරනු දැක ගත හැකිය.  

එමෙන්ම උතුරු කොරියානු නායකයෙක් ද මේ වන තෙක් ඇමෙරිකාවට ගොස් නැත.  

-CNN ඇසුරෙනි

Author - Staff writer
Staff writer
Make a Comment