RTI

පළමු වතාවට ඩ්‍රෝන් යානයක් වෙනත් ග්‍රහලෝකයකට

29. 06. 2019 | 9.01pm
Change සිංහල | தமிழ் | English
පළමු වතාවට ඩ්‍රෝන් යානයක් වෙනත් ග්‍රහලෝකයකට

ලොව ප්‍රථම වතාවට වෙනත් ග්‍රහලෝකයක් වෙත ඩ්‍රෝන යානයක් පියාසර කිරීමට නාසා ආයතනය සැරසෙන බවත් එය සෙනසුරුගේ ටයිටන් චන්ද්‍රයා වෙත යැවීමට සූදානම් බවත් නාසා ආයතනය පවසයි.ඒ ටයිටන් චන්ද්‍රයාගේ ජීවීන් ඇති බවට සාක්ෂි ඇතිදැයි පරීක්ෂා කිරීමටයි.

 “සෞරග්‍රහ මණ්ඩලයේ අපගේ ඊළඟ ගමනාන්තය අද්විතීය, කාබනිකවලින් පොහොසත් ලෝකයක් වන ටයිටන්ය“බව නාසා ආයතනය නිවේදනය කර තිබේ.

ඒ එහි ජිවීන් හෝ ඒ බවට සාක්ෂි ඇතිදැයි සෙවීම සදහා.මෙම ඩ්‍රැගන්ෆ්ලයි යානය සෙනසුරුගේ මෙම අයිස් සහිත චන්ද්‍රයා වටා ඇති විවිධ තැන්වල නියැදි ගැනීමට හා ස්ථාන පරීක්ෂා කිරීමට පියාසර කරනු ඇත.‘ඩ්‍රැගන්ෆ්ලයි‘ 2026 දී දියත් කිරීමට නියමිත බවත් 2034 දී ආපසු පැමිණීමට නියමිත බවත් සදහන් වෙයි.

ටයිටන්හී සහ පෘථිවිය යන දෙකටම පොදු පූර්ව ජෛව රසායනික ක්‍රියාවලීන් සොයමින් මෙම යානය ටයිට්න්හී ස්ථාන දුසිම් ගණනක් වෙත පියාසර කරනු ඇතැයි ද නාසා ආයතනය පවසයි.මෙම අවස්ථාව නාසා ආයතනය විසින් වෙනත් ග්‍රහලෝකයක් වෙත ඩ්‍රෝන් යානයක්  (multi-rotor vehicle for science) යවන පළමු අවස්ථාවයි.එහි රොටර්ස් අටක් ඇති අතර එය විශාල ඩ්‍රෝන් යානයක් ලෙස පියාසර කරනු ඇත.

නාසා ආයතනය ඇසුරෙනි


Author - Staff writer
Staff writer
Make a Comment