RTI

බදුල්ල පොහොට්ටු සංවිධායක ධුරයෙන් වෙල්ගම දොට්ට

29. 06. 2019 | 8.20pm
Change Language
බදුල්ල පොහොට්ටු සංවිධායක ධුරයෙන් වෙල්ගම දොට්ට

බදුල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන්ගේ සම්මේලනයේ දී බදුල්ල දිස්ත්‍රිත් පොදුජන පෙරමුණ සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විධානගමගේ මහතා තෝරා පත් කර ගැනිණි. 

මීට පෙර පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක ලෙස කටයුතු කළේ කුමාර වෙල්ගම මහතාය. කුමාර වෙල්ගම මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අදහස් දැක්වීම සහ තවත් කරුණු කිහිපයක් මත ඔහු වෙනුවට තේනුක විධායන ගමගේ මහතා පත් කර ගත් බව ප්‍රකාශකයෙක් පැවසීය.

බදුල්ල සයිමන් පීරිස් ශාලාවේ පැවැති මෙම සම්මේලනයට පැමිණි සියලුම දෙනා තේනුක විධානගමගේ මහතා බදුල්ල සංවිධායක ලෙස පත් කරනවාට කැමැත්ත පළ කළ බව එම ප්‍රකාශකයා කීවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත ලොකුබණ්ඩාර මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

කෙසේ වෙතත් වෙල්ගම මහතාට හිතවත් බදුල්ලේ පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයෙක් පැවසුවේ මෙතෙක් සිටි සංවිධායකවරයාගේ සහභාගිත්වයෙන් තොරව අද කැඳවා තිබූ සම්මේලනය නීති විරෝධී බවයි.

Make a Comment