RTI

ජාතිබේදයකින් ⁣තොරව දංකොටුවේ වෙළදාම් කිරීමට ඉඩ දෙන්නැයි නියෝග

28. 06. 2019 | 1.03pm
Change සිංහල | தமிழ் | English
ජාතිබේදයකින් ⁣තොරව දංකොටුවේ වෙළදාම් කිරීමට ඉඩ දෙන්නැයි නියෝග

ජාති බේදයකින් තොරව සියලුම වෙළෙඳුන්ට ලබන 23 වැනිදා වන තුරු දංකොටුව පොදු වෙළෙඳපොළෙහි කිසිදු බාධාවකින් තොරව වෙළඳාම් කිරීමට ඉඩ ලබා දෙන්නැයි මාරවිල මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද(28) නියෝග කළේය. 

මුස්ලිම් වෙළෙඳුන්ට දංකොටුව පොදු වෙළදපොළෙහි වෙළඳාම් කටයුතු කිරීම තාවකාලිකව නැවැත්වීමට නියෝග කරමින් වෙන්නප්පුව  ප්‍රාදේශීය සභාවේ සභාපති  කේ වී සුසන්ත පෙරේරා මහතා ලිපියක් නිකුත් කර තිබිණි.

මේ සම්බන්ධයෙන් දංකොටුව පොලිසියට ලැබුණු පැමිණිලි අනුව පසුගිය අඟහරුවාදා (25) පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

ඉන්පසුව සභාපතිවරයාට  සහ පැමිණිලි ඉදිරිපත් කළ පුද්ගලයින්ට  අධිකරණයේ පෙනී සිටින ලෙස  මහේස්ත්‍රාත්වරයා නොතීසි නිකුත් කළේය.

ඒ අනුව සභාපතිවරයා ඇතුළු පිරිස අද අධිකරණයේ පෙනී සිටියහ.

මෙහිදි සභාපතිවරයාගේ නීතීඥවරුන් අධිකරණයට දන්වා සිටියේ පොලිසිය ඉදිරිපත් කර ඇති කරුණු අනුව අධිකරණයේ නඩු විභාගයක් පැවැත්විය නොහැකි බවයි. 

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා 23 වැනිදාට ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙස දෙපාර්ශ්වයටම නියෝග කළේය.  

එතෙක් වෙළඳුන්ට බාධාවකින් තොරව වෙළඳාම් කටයුතු කරගෙන යාමට ඉඩ සලසන ලෙස නියෝග කෙරිණි.

මේ සම්බන්ධයෙන් පෙර පළවු පුවත්

Author - Staff writer
Staff writer
Make a Comment