RTI

ජනපති මෛත්‍රීගෙන් අගමැති රනිල්ට ෆොන්සේකා ගැන රහස් පණිවිඩයක්

27. 06. 2019 | 8.43pm
Change සිංහල | தமிழ் | English
ජනපති මෛත්‍රීගෙන් අගමැති රනිල්ට ෆොන්සේකා ගැන රහස් පණිවිඩයක්

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ඇමති ධුරයක් ලබාදීමට තමන් කැමති බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ජනපතිවරයා තමන්ගේ නියෝජිතයෙක් හරහා මෙම පණිවිඩය යවා ඇති බව වාර්තා වෙයි.

එහිදී අගමැතිවරයා පණිවිඩය ගෙන ආ නියෝජිතයාට පවසා ඇත්තේ එවන් පණිවිඩයක් ගෙන ආ බව වෙන කවුරුත් දැනගත යුතු නැති බවයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන පාර්ලිමේන්තු කාරක සභාවේදී සරත් ෆොන්සේකා මහතාගේ හරස් ප්‍රශ්න ඇසීම වළක්වාගැනීම සදහා මෙම ඇමති ධුරය ලබා දීමට ජනපතිවරයා සූදානම් වන්නට ඇති බව එම ආරංචිමාර්ග කියයි.

ඊට අගමැතිවරයා එකග වී නැති බවත් මෙම පණිවිඩය ගෙන ආ බව ෆොන්සේකා දැනගත යුතු නැති බවත් අදාල පණිවිඩකරුට ප්‍රකාශ කර තිබේ.

මේ අතර ජනපතිවරයා පසුගියදා ප්‍රකාශ කර තිබුණේ තමා කිසිවිටකත් පාර්ලිමේන්තු කාරක සභාවට නොයන බවයි.

Author - Staff writer
Staff writer
Make a Comment