ඕස්ට්‍රේලියාව අවසන් පූර්ව වටයට

Staff Writer | Author . පරිවර්තනය කරන්න සිංහල හෝ தமிழ் 25. 06. 2019 | 10.56pm
ඕස්ට්‍රේලියාව අවසන් පූර්ව වටයට

2019 ලෝක කුසලාන අවසන් පූර්ව වටයට තේරී පත්වු පළමු කණ්ඩායම බවට පත්වීමට ඕස්ට්‍රේලියාව අද (25) සමත් විය.

ඒ අද එංගලන්තය සමග පැවති තරගය ජයග්‍රහණය කිරීමත් සමගයි.එම තරගය ලකුණු 64කින් ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියාව සමත් විය.පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 7ක් පමණක් දැවී ලකුණු 285ක් ලබා ගත්තේය.පිළිතුර ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට පන්දුවාර 44.4කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 221ක් පමණි.

මේ වන විට ඕස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණූ සටහනේ පළමු ස්ථානයේ පසුවෙයි. ඒ ප්‍රසාද ලකුණු 12ක් ලබාගනිමින්.ඔවුන් පරාජය වී ඇත්තේ එක් තරගයක් පමණයි.

Share