RTI

දඩබ්බරයා එළිදැක්වූදා කළ කතාව ගැන දෙරණ සභාපතිට එ‍රෙහිව පරීක්ෂණයක්

21. 06. 2019 | 11.22pm
Change Language
දඩබ්බරයා එළිදැක්වූදා කළ කතාව ගැන දෙරණ සභාපතිට එ‍රෙහිව පරීක්ෂණයක්

අයිටීඑන් රූපවාහිනියේ නීති උපදේශකයකු මෙන්ම වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙස ද කටයුතු කරන නීතීඥ දිල්ශාන් පතිරත්නගේ 'දඩම්බරයා' පොත එළිදැක්වීමේ උත්සවයේ දී දෙරණ ආයතනයේ සභාපති දිලිත් ජයවීර මහතා කළ කතාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

බෞද්ධ භික්ෂූන් වහන්සේනමක් කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාස මගිනි.

එම පරීක්ෂණයට අදාලව පොලිසිය ග්‍රන්ථයේ කර්තෘ දිල්ශාන් පතිරත්න මහතාගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

මෙම විමර්ශනය සම්බන්ධයෙන් පොලිසිය බී/2335/01/19 අංකය යටතේ අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.



Make a Comment