ඉරානයට පහර දෙන්න ට්‍රම්ප්ගෙන් නියෝග - පසුව අත්හිටුවයි

Staff Writer | Author . පරිවර්තනය කරන්න සිංහල හෝ தமிழ் 21. 06. 2019 | 10.24am
ඉරානයට පහර දෙන්න ට්‍රම්ප්ගෙන් නියෝග - පසුව අත්හිටුවයි

ඉරානයට පහරදීම සදහා ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග ලබාදී පසුව එම නියෝගය හදිසියේ අවලංගු කළ බව නිව්යෝක් ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි.

ඉරානය විසින් ඇමෙරිකාවේ ඩ්‍රෝන් යානයකට වෙඩි තැබීමට ප්‍රතිප්‍රහාර ලෙස මෙම ප්‍රහාරය එල්ල කිරීමට ඇමෙරිකානු ජනපතිවරයා නියෝග ලබා දී තිබේ. ගුවන් යානා මෙන්ම යුද නෞවුකා ද ප්‍රහාරය දියත් කිරීම සදහා ස්ථානගත වී සිටි බවත් පසුව ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එම නියෝගය අවලංගු කිරීම නිසා කිසි ප්‍රහාරයක් එල්ල නොවූ බවත් එම පුවත් සේවය වාර්තා කර තිබේ.

ප්‍රහාරවල ඉලක්කය වී තිබුණේ රේඩාර් සහ මිසයිල බවට ඇමෙරිකානු නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

මෙම නියෝගය අවලංගු කිරීමත් සමග මෙම කලාපයේ ට්‍රම්ප්ගේ තුන්වන මිලිටරි ක්‍රියාමාර්ගය කුමක් වනු ඇත්ද යන්න සැකයක් මතුවෙයි.නිව්යෝක් ටයිම්ස් කියා සිටියේ ට්‍රම්ප් සිරියාවේ ඉලක්ක වෙත 2017 සහ 2018 දී දෙවරක් පහර දුන් බවයි.

මෙම ප්‍රහාරය ගැන ඇමෙරිකානු ජනපති තම අදහස වෙනස් කළේ ද නැතහොත් සැපයුම් හෝ උපාය මාර්ග යන සාධක මත තීරණය වෙනස් කළේ ද යන්න පැහැදිලි නැති අතර ප්‍රහාර තවමත් ඉදිරියට යා හැකිද යන්න පැහැදිලි නැති බව නිව්යෝක් ටයිම්ස් පුවත් සේවය පවසයි.

ඉරානයේ මිලිටරි හා සිවිල් වැසියන්ට ඇති අවදානම අවම කරමින් මෙම ප්‍රහාරය සිකුරාදා අලුයම එල්ල කිරීමට ඇමෙරිකාව සූදානම්ව සිටි බව වාර්තා වෙයි.

ජනාධිපතිගේ ඉහළ ජාතික ආරක්ෂක නිලධාරීන් සහ කොන්ග්‍රස් නායකයින් අතර ධවල මන්දිරයේ පැවති දැඩි සාකච්ඡාවලින් හා විවාදයෙන් පසුව,රාත්‍රී 7 පමණ වන විට හමුදා සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ප්‍රහාරයක් අපේක්ෂා කළ බව ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීහූ කිහිප දෙනෛක් පැවසූහ.

ප්‍රහාරය සඳහා වන සැලසුම් සහ එය වළක්වාලීමට ගත් තීරණය ගැන ධවල මන්දිරය මෙන්ම පෙන්ටගනයේ නිලධාරීහූ අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළහ. ලිපිය අත්හිටුවන ලෙස කිසිදු රජයේ නිලධාරියෙක් නිව්යෝක් ටයිම්ස් පුවත්පතෙන් ඉල්ලා සිටියේ ද නැති බව කියයි.

-නිව්යෝක් ටයිම්ස්

Share