RTI

සාෆි ගැන කුරුණෑගල ඩීඅයිජීගෙන් ප්‍රකාශයක් ගනී

20. 06. 2019 | 5.52pm
Change සිංහල | தமிழ் | English
සාෆි ගැන කුරුණෑගල ඩීඅයිජීගෙන් ප්‍රකාශයක් ගනී

කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බව පොලිස් ආරංචි මාර්ග කියයි.

කිත්සිරි ජයලත් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා මෙම ප්‍රකාශය සටහන් කරගෙන තිබේ.

වත්කම් සම්බන්ධ කිසිම පැමිණිල්ලක් නැතිව සාෆි වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීම නීත්‍යානූකූල නොවන බවට ඔහුගේ පවුලේ උදවිය චෝදනා කර තිබිණි.  පැමිණිලි එකක්වත් නොමැතිව සාෆි වෛද්‍යවරයා වඳ සැත්කම් 4000ක් කළ බවට කතාව මාධ්‍යයක් හරහා ප්‍රචාර කළේ මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා බව ද පිරිසක් චෝදනා කළහ.

කෙසේ වෙතත් නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ චෝදනා සම්බන්ධයෙන් ලබා දෙන ලද ප්‍රකාශය මෙතෙක් ප්‍රසිද්ධ වී නැති නමුත් ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගත් බව පමණක් පොලිසිය තහවුරු කරයි.

මෙම විමර්ශනයේ ප්‍රගතිය ගැන ලබන 27 වැනි දා අධිකරණයට කරුණු වාර්තා කරන බව පොලිසිය පවසයි.

Author - Staff writer
Staff writer
Make a Comment



Breaking News
කොරෝනා ආසාදිතයින් බවට 'සැකකරන' දෙදෙනෙක් IDH රෝහලට
කොරෝනා ආසාදිතයින් බවට 'සැකකරන' දෙදෙනෙක් IDH රෝහලට
Read More | 2020-01-25
අජිත් ප්‍රසන්න රිමාන්ඩ් - මානසික වාර්තාවක් කැඳවයි
අජිත් ප්‍රසන්න රිමාන්ඩ් - මානසික වාර්තාවක් කැඳවයි
Read More | 2020-01-24
සයිබර් අපරාධවලට එරෙහිව රජයෙන් නව නීති
සයිබර් අපරාධවලට එරෙහිව රජයෙන් නව නීති
Read More | 2020-01-24
 ලයිසන් ගැනීමේදී වෛද්‍ය පරීක්ෂණයට දින වෙන්කරගන්න ඔන්ලයින් ක්‍රමවේදයක්
ලයිසන් ගැනීමේදී වෛද්‍ය පරීක්ෂණයට දින වෙන්කරගන්න ඔන්ලයින් ක්‍රමවේදයක්
Read More | 2020-01-22
බැඳුම්කර විගණන වාර්තාව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කරන්නැයි ඉල්ලීමක්
බැඳුම්කර විගණන වාර්තාව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කරන්නැයි ඉල්ලීමක්
Read More | 2020-01-22
මහබැංකු වෝහාරික විගණන වාර්තාව ඉදිරිපත් කිරීම යෝග්‍යයි-කථානායක
මහබැංකු වෝහාරික විගණන වාර්තාව ඉදිරිපත් කිරීම යෝග්‍යයි-කථානායක
Read More | 2020-01-21
පැය 24කදී ලෝක බලවතුන් හතර දෙනෙක් ලංකාවට
පැය 24කදී ලෝක බලවතුන් හතර දෙනෙක් ලංකාවට
Read More | 2020-01-14
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කෙරෙයි
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කෙරෙයි
Read More | 2020-01-14
රංජන් රාමනායක අත්අඩංගුවට
රංජන් රාමනායක අත්අඩංගුවට
Read More | 2020-01-14
'යුක්‍රේනියානු ගුවන් යානය කඩා වැටුණේ ඉරානයේ මිසයිල ප්‍රහාරයකින්''
'යුක්‍රේනියානු ගුවන් යානය කඩා වැටුණේ ඉරානයේ මිසයිල ප්‍රහාරයකින්''
Read More | 2020-01-10