RTI

පළමු දුම්රිය ගමනේ ප්‍රධාන දුම්රිය ස්ථානයක් වූ හෙනරත්ගොඩ

20. 06. 2019 | 11.31am
Change Language
පළමු දුම්රිය ගමනේ ප්‍රධාන දුම්රිය ස්ථානයක් වූ හෙනරත්ගොඩ

වර්තමාන ගම්පහ දුම්රිය ස්ථානයට ආසන්නයේ ඇති හෙනරත්ගොඩ පැරණි දුම්රිය ස්ථානය 1864 වර්ෂයේ බ්රිතාන්යයින් විසින් ඉදිකරනු ලැබ තිබේ.ලංකාවේ පළමු දුම්රිය ගමන සිදුවූ කාලයේ සිට පැවති මෙම දුම්රිය ස්ථානය වර්තමානයේ දී පුරාවිද්යාත්මක ස්ථානයක් ලෙස පුරාවිද්යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කරනු ලැබ තිබේ.

හෙනරත්ගොඩ දුම්රිය ස්ථානය 1864 දී කොළඹ හා අඹේපුස්ස අතර ඉදිකළ දුම්රිය ස්ථාන තුනෙන් එකකි.අනෙක් දුම්රිය ස්ථාන දෙක මහර (වර්තමාන රාගම)සහ වේයන්ගොඩයි.

ගම්පහ දුම්රිය ස්ථානයකොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ප්‍රධාන දුම්රිය මාර්ගයේ 15වැනියාට හමුවන දුම්රිය ස්ථානයයි. එය මුහුදු මට්ටමේ සිට මීටර 10.97 ක උන්නතාංශයකින් යුතුව පිහිටා තිබේ.

රටේ මධ්‍ය කදුකරයේ සිට කොළඹට තේ සහ කෝපි වැනි භාණ්ඩ ප්‍රවාහනය පහසු කරවීම වෙනුවෙන් 1864 දෙසැම්බර් 27 වන දිනදී බ්‍රිතාන්‍යයන් විසින් හෙනරත්ගොඩ දුම්රිය ස්ථානය නමින් ගම්පහ දුම්රිය ස්ථානය ගොඩනගන ලදී.වර්ෂ1926දී දුම්රිය ස්ථානය ද්විත්ව මාර්ග දුම්රිය ස්ථානයක් බවට පත්විය.

පසුකාලීනව පැරණි හෙනරත්ගොඩ දුම්රිය ස්ථාන ගොඩනැගිල්ල අත්හැර දැමුණු අතරඒ ආසන්නයේම වත්මන් දුම්රියපල ගොඩනගා තිබේ. ගම්පහ දුම්රිය ස්ථානයේ වේදිකා අන්තයේ සිටම දැකගත හැකි හෙනරත්ගොඩ පැරණි දුම්රිය ස්ථානය වර්ථමානයේ ගම්පහ කලාපීය පුරාවිද්‍යා කාර්යාලය ලෙස භාවිතයට ගැනේ.

ක්‍රි.ව 1865 ඔක්තෝබර් මස දෙවනදා සිට දිගටම මඟී දුම්රිය සේවය ක්‍රියාත්මක වූ අතර 1866 වසරේ ජනවාරි පළමුවැනිදා සිට මෙමඟින් තැපැල් කටයුතුද ආරම්භ විය. 



Make a Comment