එංගලන්තයට ලකුණු 150ක විශිෂ්ට ජයක්

19. 06. 2019 | 11.50pm
එංගලන්තයට ලකුණු 150ක විශිෂ්ට ජයක්

ඇෆ්ගනිස්තානය සමග පැවති තරගය විශිෂ්ට ලෙස ලකුණු 150කින් ජයග්‍රහණය කිරීමට එංගලන්තය අද(18) සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය කඩුළු 6ක් දැවී ලකුණු 397ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි ඇෆ්ගනිස්තානයට කඩුළු 08ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 247ක් පමණි.

අති විශිෂ්ට පිතිකරණයක නිරතවූ එංගලන්ත කණ්ඩායමේ නායක මෝගන් පන්දු 71කදී ලකුණු 148ක් ලබාගත්තේ හයේ පහර 17ක් එල්ල කරමිනි.

මේ සමග මීට පෙර ක්‍රිස් ගේල්,ඒ.බී ඩිවිලියර්ස් සහ රෝහිත් ශර්මා හයේ පහර 16ක් එල්ල කරමින් තැබූ 'එක්දින පිටියේ එල්ල කළ වැඩිම හයේ පහර' වාර්තාව තමන් සතු කරගැනීමට මෝගන් සමත් විය.  

Share

COVID-19 Situation Analysis