RTI

බස් දින සැමරුමේදී සිසුහු 30ක් බස් රථයේ වහලෙන් වැටෙති

18. 06. 2019 | 12.50pm
Change සිංහල | தமிழ் | English
බස් දින සැමරුමේදී සිසුහු 30ක් බස් රථයේ වහලෙන් වැටෙති

 

චෙන්නායි හී සිසුන් පිරිසක් ‘බස් දින සැමරුම‘ නමින් සිදු කළ බස් රථ පෙලපාලියකදී සිසුන් 30 දෙනකු බස් රථයේ වහලයෙන් වැටී ඇතැයි වාර්තා වේ.

 

පසුගිය සදුදා (17) පැවති මෙම සැමරුමේදී එම සිසුන් බස් රථයෙන් වැටෙන ආකාරය සහිත වීඩියෝවක් පහත දැක්වෙයි.

 

එම සිසුන් බස් රථයේ වහලයේ වාඩී වි සිටින අතර බස් රථය තිරිංග යෙදවීමත් සමග බස් රථයේ වහලයේ සිටි සිසුන් 30 ක් පමණ බිමට වැටී තිබේ.

 

මේ සම්බන්ධයෙන් සිසුන් 20 දෙනෙක් පමණ ‘මහජන පීඩාව‘ යටතේ  අත්අඩංගුවට ගෙන ඇත.මෙම සිසුන් ‘බස් දින සැමරුම‘ නාමයෙන් ඔවුන්ගේ ජීවිතත් මගීන්ගේ ජීවිතත් අනතුරේ දමා කටයුතු කරන බවට එරට මාධ්‍ය පවසති.

  

ගිම්හාන නිවාඩුවෙන් පසු පළමු දිනයේදී පොලිසියේ අණ නොතකා සිසුන් මෙලෙස මහජනයාට පීඩාවන අයුරින් කටයුතු කරන බව වාර්තා වේ.

 

දැඩි අනතුරු ඇගවීම් පවා නොතකා Pachayappa'a College සහ Ambedkar Arts and Science College යන අධ්‍යාපන ආයතනවල සිසුන් චෙන්නායි නගරයේ මෙම සැමරුම සිදුකරන අයුරු දැක්වෙන වීඩියෝ පට නිකුත් වී තිබේ.

 

ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් නවක සිසුන්ට මෙම සැමරුමට එක්වන ලෙස බලපෑම් කර ඇත.මේ හේතුවෙන් සහ මෙම අවස්ථාව ඡායාරූපකරණයට සිසුන් උත්සහ ගැනීම නිසා මාර්ග වල දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

 

මැඩ්‍රාස් අධිකරණයක් මෙම සැමරුමට එල්ල කළ දැඩි තහනම්ද නොසලකා මෙම වසරේදීත් එම සැමරුම පැවැත්වූ බව විදෙස් මාධ්‍ය චෝදනා කරයි. 

පොලිසිය මෙම සැමරුමට සම්බන්ධ සිසුන් 24 දෙනකු හදුනාගෙන ඇති අතර ඉන් සිසුන් 20ක් පමණ මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.


-Indiatoday ඇසුරෙනි

 

Author - Staff writer
Staff writer
Make a Comment