RTI

බංග්ලාදේශයට විශිෂ්ට ජයක්

17. 06. 2019 | 10.46pm
Change සිංහල | தமிழ் | English
බංග්ලාදේශයට විශිෂ්ට ජයක්

බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවති තරගය විශිෂ්ට ලෙස කඩුළු 07කින් ජයග්‍රහණය කිරීමට බංග්ලාදේශය අද(17) සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව්වන් කඩුළු 8ක් දැවී ලකුණු 321 රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි බංග්ලාදේශය ඉක්මන් ඉනිමක් ක්‍රීඩා කර පන්දුවාර 41.3කදී කඩුළු 3ක් පමණක් දැවී ලකුණු 322ක් රැස් කරමින් ජයග්‍රහණය වාර්තා කළේය.

අති විශිෂ්ට පිතිකරණයක නිරතවූ ශකිබ් අල් හසන් ලකුණු 124 ක් සහ ජේ.දාස් ලකුණු 94ක් රැස් කරමින් බංග්ලාදේශය ඉක්මන් ජයග්‍රහණයකට ගෙන ගියහ.

Author - Staff writer
Staff writer
Make a Comment