RTI

ඊජිප්තුවේ හිටපු ජනපති උසාවියේදී මිය යයි

17. 06. 2019 | 10.15pm
Change සිංහල | தமிழ் | English
ඊජිප්තුවේ හිටපු ජනපති උසාවියේදී මිය යයි

2013 දී හමුදාව විසින් ඉවත් කරනු ලැබු ඊජීප්තුවේ හිටපු ජනපති මොහොමඩ් මෝර්සි මහතා ඊජිප්තු අගනගරය වන කයිරෝහීදි පැවැත්වූ නඩු වාරයක් අතරතුර සිහිසුන්ව වැටීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි රාජ්‍ය රූපවාහීනි මාධ්‍ය වාර්තා කරයි.

ඔහු එහි පෙනී සිටියේ ඔත්තු බැලීමේ චෝදනා මත ගොනුකර ඇති නඩුවකටයි.මිය යන විට ඔහුගේ වයස අවුරුදු 67කි.  

එරට ප්‍රජාතන්තවාදී ලෙස පත් වූ පළමු ජනාධිපතිවරයා ඔහු වූ අතර පත්වීමෙන් වසරකට පසු ඇති වූ දැවැන්ත විරෝධතා හේතුවෙන් ඔහු ධුරයෙන් ඉවත් කෙරිණි.එතැන් පටන් ඔහු අත්අඩංගුවේ පසු විය.ඔහු ධුරයෙන් ඉවත් කළ පසු ඊජිප්තු බලධාරීන් ඔහුගේ ආධාකරුවන් දැඩි ලෙස මර්දනයට ලක් කළේය.

 -BBC ඇසුරෙනි

Author - Staff writer
Staff writer
Make a Comment