RTI

රාවණා-01 සාර්ථකව කක්ෂගත කෙරෙයි

17. 06. 2019 | 4.16pm
Change සිංහල | தமிழ் | English
රාවණා-01 සාර්ථකව කක්ෂගත කෙරෙයි

ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන් දෙදෙනෙකු නිර්මාණය කළ රාවණා - 1 චන්ද්‍රිකාව, ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට සාර්ථකව කක්ෂගත කර තිබේ.

මෙය ශ්‍රී ලංකාවේ අභ්‍යවකාශ තාක්ෂණයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැදින්විය හැකිය.

ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.45ට පමණ කක්ෂගත කිරීමේ කටයුතු සිදු කෙරිණි.මෙම අවස්ථාව නැරඹීමට ජපානයේ ක්‍යුෂු තාක්ෂණික අධ්‍යයන ආයතනය (Kyushu) සහ ශ්‍රී ලංකාවේ ආතර් සි ක්ලාක් මධ්‍යස්ථානය පියවර ගෙන තිබිණි.  

මෙම චන්ද්‍රිකාව නිර්මාණය කරනු ලැබුවේ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් වන දුලානි චාමිකා සහ තරිදු දයාරත්න විසිනි. 

එය ඝන සෙන්ටි මීටර් 1000ක පමණ විශාලත්වයෙන් යුත් එම  චන්ද්‍රිකාව රැගත් ‘සිග්නස්‘ රොකට්ටුව ඉකුත් අප්‍රේල් 18 වැනි දා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යැවීය.ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර් 400ක් පමණ දුරකින් මෙම චන්ද්‍රිකාව කක්ෂගත කර ඇතැයි වාර්තා වේ.

දුලානි චාමිකා සහ තරිඳු දයාරත්න සිසුන් දෙදෙනා ජපානයේ පශ්චාත් උපාධියක් ද හදාරමින් සිටින අතර තරිදු පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විදුලි සහ විද්‍යුත් ඉන්ජිනේරු උපාධිය හදාරා තිබේ.එමෙන්ම දුලානි චාමිකා තායිලන්තයෙන් විද්‍යුත් යාන්ත්‍රික ඉන්ජිනේරු තාක්ෂණය හදාරා ඇත. ඔවුන් දෙදෙනාම පසුව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ සේවයට එක් වී තිබේ.

බීබීසී ඇසුරෙනි

Author - Staff writer
Staff writer
Make a Comment