RTI

පොලිසියට විරෝධය දක්වා හොංකොං මාධ්‍යවේදීහු හෙල්මට් දාගෙන මාධ්‍ය හමුවට

16. 06. 2019 | 3.57pm
Change සිංහල | தமிழ் | English
පොලිසියට විරෝධය දක්වා හොංකොං මාධ්‍යවේදීහු හෙල්මට් දාගෙන මාධ්‍ය හමුවට

හොංකොංහි පැවැති විරෝධතාවක දී නිරායුධ විරෝධතාකරුවන්ට පොලිසියෙන් අමානුෂික ලෙස වධ හිංසා පැමිණවීමට විරෝධය පළ කිරීම සඳහා හොංකොං ජනමාධ්‍යවේදීහු පසුගිය 13 වැනි දා පැවැති පොලිස් මාධ්‍ය හමුව වාර්තා කිරීමට හෙල්මට් සහ ආරක්ෂිත උපකරණ පැළඳ ගියහ.

 

උදර්පන නීතිය සම්බන්ධ පනත් කෙටුම්පතකට එරෙහිව ව්‍යවස්ථාදායක කවුන්සිල ගොඩනැගිල්ලේ පිටත පසුගිය 12 වැනි දා සිදුවූ ගැටුම සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා හෙංකොං පොලිසිය මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.

 

සමහර මාධ්‍යවේදීහු ආරක්ෂක හිස්වැසුම්වලට අමතරව විනිවිද පෙනෙන කහ පැහැති කබායක් ද පැළඳ සිටියහ. එය විරෝධතා සංකේතයකි. 

 

හොංකොං පොලිස් කොමසාරිස් ස්ටෙෆන් ලෝ වයිචුං අදහස් දක්වමින් ඇතැම් මාධ්‍යවේදීන්ගේ ගමන් මළු පරීක්ෂා කිරීමේදී සිදුවූ 'අශිෂ්ඨ සැලකීම' ගැන සමාව අයැද සිටිමින් කියා සිටියේ පොලිසිය කිසි විටෙක 'වාර්තාකාර මිතුරන්' ඉලක්ක නොකරන බවයි. ගැටුමෙන් පසු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම සධාරණීකරණය කිරීමට ද ඔහු උත්සාහ ගත්තේය. 

 

තමා මාධ්‍යයට ආචාරශීලි බව එක් අවස්ථාවකදී පොලිස් කොමසාරිස්වරයා ප්‍රකාශ කළ විට කාමරයේ සිටි සියලු දෙනා සිනාසෙන්නට වූහ. 'හිනා වෙන්න එපා.' ඔහු ආයාචනා කළේය. 'ඔබගෙන් සමහරකු යම් යම් අදහස් දරණ විවිද දෘෂිඨියන්ගෙන් සමන්විත බව මා අවබෝධකරගෙන තිබෙනවා. එහෙත් හොංකොං පොලිසිය ජනමාධ්‍ය සමඟ හොඳ සම්බන්ධතාවක් පවත්වාගෙන යනවා.' පොලිස් කොමසාරිස් කීවේය.


මෙම විරෝධතාවය අතරතුර පොලිසිය තරුණියකට වට කරගෙන පහර දෙන නේදම දැක්වෙන ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍ය පුරා පැතිර ගියේය. පොලිසිය හිතාමතාම මාධ්‍යවේදීන්ගේ වැඩවලට බාධා කළ බව මාධ්‍යවේදීන් පැමිණිලි කර තිබේ.එමෙන්ම මාධ්‍ය හැදුනුම්පත පෙන්වූ විට එක් පොලිස් නිලධාරියෙක් කුණුහරපයෙන් බැන වැදුණු බවත් වාර්තා වී ඇත.



Author - Staff writer
Staff writer
Make a Comment