RTI

ශ්‍රී ලංකා මැදපෙළ යළිත් අසාර්ථක වෙයි

15. 06. 2019 | 3.01pm
Change සිංහල | தமிழ் | English
ශ්‍රී ලංකා මැදපෙළ යළිත් අසාර්ථක වෙයි

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද (15) පැවති ලෝක කුසලාන තරගය ලකුණු 87කින් ජයගැනීමට ඕස්ට්‍රේලියාව සමත් විය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව ලකුණු 334ක් ලබාගත් අතර පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පන්දුවාර 45.5ක් තුළ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 247ක් පමණි.

ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරු  සම්බන්ධතාව 115ක් වූ නමුත් ඉන්පසු පිටියට පැමිණි ක්‍රීඩකයින් අසාර්ථක වීම නිසා 204ට කඩුළු 03ක් ලෙස සටහන්ව තිබූ ලකුණූ පුවරුව 247/10ක් ලෙස සටහන් විය.ලකුණු 43ක් තුළ ශ්‍රී ලංකාවේ කඩුළු 07ක් දැවී ගොස් තිබිණි.දිමුත් කරුණාරත්න සහ කුසල් පෙරේරා ආරම්භක පිතිකරු සම්බන්ධතාවය වෙනුවෙන් ලකුණු 115ක් ලබාගත් අතර දිමුත් කරුණාරත්න ලකුණු 97ක් සහ කුසල් පෙරේරා ලකුණු 52ක් ලබාගත්තේය.

දිගින් දිගටම අසාර්ථක වූ කුසල් මෙන්ඩිස් මෙහිදී ලකුණු 30ක් රැස් කළේය.

පන්දු යැවීමේදී ඉසුරු උදාන සහ ද සිල්වා කඩුළු දෙක බැගින් දවාගත් අතර ලසිත් මාලිංග එක් කඩුල්ලක් දවාගත්තේය.ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ස්ටාක් කඩුළු හතරක් ද,රිචඩ්සන් කඩුළු තුනක්ද කමින්ස් කඩුළු දෙකක්ද දවාගත්තේය. 

මේ තරගය ජයග්‍රහණය කිරීමත් සමග ඔස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු සටහනේ පළමුවැනි ස්ථානය ලබාගැනීමට සමත් විය.ශ්‍රී ලංකාව එම ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේ පසුවෙයි.තරගයේ වීරයා සම්මානය ආරොන් ෆින්ච්ට හිමි වූයේ ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඔහු ලබාගත් ලකුණු 153ක් වෙනුවෙනි.

Author - Staff writer
Staff writer
Make a Comment