RTI

පොලිස් පරීක්ෂිකාව දැරියකගේ අයිතිවාසිකම් කඩලා

15. 06. 2019 | 10.07am
Change Language
පොලිස් පරීක්ෂිකාව දැරියකගේ අයිතිවාසිකම් කඩලා

තෙලිජ්ජවිල ප්‍රදේශයේ පාසලක 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියක නීති විරෝධීව අත්අඩංගුවට ගෙන ඇගේ නිදහස අහිමි කරමින් අනීතිකව රඳවා තබා ගෙන සිටීම සම්බන්ධයෙන් එම දැරියට තම පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂයක් ගෙවන ලෙස මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා වරිණි බෝගහවත්ත මහත්මිට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11, 13(1) සහ 13 (2) යන වගන්තිවලින් ආරක්ෂා කර  මෙම සිසුවියගේ  මූලික අයිතිවාසිකම්  පොලිස් පරීක්ෂිකාව විසින් කඩ කරනු ලැබ ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

එම වගන්තිවල සඳහන් මූලික අයිතිවාසිකම් මෙසේය.

11 වගන්තිය


13 (1) සහ 13 (2) වගන්ති


මෙම දැරිය වෙනුවෙන් රුපියල් පනස් දහසක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය රජයට ද නියෝග කළේය.

මෙම පොලිස් පරීක්ෂිකාව දැරියගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇතුවා පමණක් නොව බරපතල ලෙස නීතිය නොතකා හැර ඇති බව පෙනී යන්නේයැයි ද නඩු තීන්දුවේ 21 වැනි පිටුවේ සඳහන් කර ඇත.

බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් කේ මලල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.


එම සම්පූර්ණ තීන්දුව medialk.com වෙබ් අඩවිය ඔස්සේ බලාපොරොත්තු වන්න.

Make a Comment