RTI

ශ්‍රී ලංකාවට අඩු සැලකිලි - අයිසීසියට පැමිණිල්ලක්

14. 06. 2019 | 10.28pm
Change සිංහල | தமிழ் | English
 ශ්‍රී ලංකාවට අඩු සැලකිලි - අයිසීසියට පැමිණිල්ලක්
මේ වන විට එංගලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිදුවන අසාධාරණකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරු අසන්ත ද මෙල් මහතා විසින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කර ඇතැයි Espncricinfo වෙබ්අඩවිය පවසයි.

 

එහි ප්‍රධානම කරුණ ලෙස දක්වා ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට මෙතෙක් ලබාදී තිබු තණතීරු ‘සාධාරණ‘ නොවන බවයි.ඉන්දියාව සහ එංගලන්තය වැනි කණ්ඩායම්වලට ලබාදී තිබුණේ දුඹුරු පැහැති (පිතිකරුවන්ට වාසිදායක) තණතීරු බවත් ශ්‍රී ලංකාවට ලැබුණූ තණතීරු කොළ පැහැති (වේගපන්දුයවන්නන්ට වාසිදායක) තණතීරු බවත් ශ්‍රී ලංකා කළමණාකාරීත්වය අයිසීසියට පැමිණිලි කර තිබේ.

 

පක්ෂපාතීත්වය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තරයේ ප්‍රතික්ෂේප කර ඇති බව Espncricinfo වෙබ්අඩවිය පවසයි.

 

බ්‍රිස්ටල් හී පැවත්වීමට නියමිතව තිබූ තරග දෙකම වර්ෂාව නිසා අතහැර දැමුණු අතර ඊට පෙර කාර්ඩිෆ්හී දි පැවති තරග දෙකේදීම ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදි තිබුණේ කොළපැහැති තණතීරු දෙකකි.නවසීලන්තය සමග පැවති තරගය ශ්‍රී ලංකාව පරාජය වූ අතර ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගය යන්තම් මෙන් ජයග්‍රහණය කළේය.

 

හෙට ඕවල්හීදි ඕස්ට්‍රේලියාවට එරෙහිව ඕවල් ක්‍රීඩාංගණයේදී පැවත්වීමට නියමිත තරගයටද ලබා දී ඇත්තේ කොළ පැහැති තණතීරුවක් බවට මෙල් මහතා චෝදනා කරයි.එම තත්ත්වය ඕස්ට්‍රේලියාවට වාසිදායක වනු ඇති නිසා මෙල් මහතා අසතුට ප්‍රකාශ කළ බව එම වෙබ් අඩවිය සදහන් කරයි.

 

 “අපිට බ්‍රිස්ටල්හීදි සහ කාර්ඩිෆ්හීදි ලැබුණු තණතීරු හතරටම අයිසීසිය සූදානම් කර තිබුණේ කොළ පැහැති තණතීරු.එම ක්‍රීඩාංගණයේදීම අනෙකුත් රටවල්වලට දුඹූරු පැහැති තණතීරු සුදානම් කර තිබුණා.“මෙල් මහතා ඩේලි නිවුස් වෙත ප්‍රකාශ කර තිබේ.


 “අපිට හෙට පැවැත්වීමට නියමිත ඕස්ට්‍රේලියා තරගයටත් අපට ලබාදි තිබෙන්නේ කොළ පැහැති තණතීරුවක්.මේක අසාධාරණයි.රටවල් කිහිපයකට එක විධියකටත් තවත් රටවල් කිහිපයකට තවත් විධියකුත් ලබාදීමේ පිළීවෙත අසාධාරණයි.“

තණතීරු ගැටළුවට අමතරව තවත් ගැටළු කිහිපයක් ඇති බව ඔහු අයිසීසියට දැනුම් දී තිබේ.

 “අපට කාර්ඩිෆ්වලදී ලැබුණ පුහුණුවීම් පහසුකම් සතුටුදායක මට්ටමක නෑ.ප්‍රැක්ටිස් නෙට් තුනෙන් දෙකයි අපට ලබාදුන්නේ.අපිට බ්‍රිස්ටල්වලදී ලැබුණ හොටලයේ පිහිණූම් තටාකයක් තිබුණේ නෑ.විශේෂයෙන් වේගපන්දු යවන්නන්ට පුහුණූවීම්වලින් අනතුරුව පිහිණුම් තටාකයක් අවශ්‍යයයි.බංග්ලාදේශය සහ පකිස්තානයට ලබාදුන් හෝටල්වල පිහිණුම් තටාක තිබුණා.අපි මේ ගැන අයිසීසියට මීට දින හතරකට පෙර ලිව්වා.නමුත් අපට පිළිතුරු ලැබුණේ නෑ.අපිට පිළිතුරක් ලැබෙනතුරු අපි ලියනවා“

තණතිරු ලබාදෙන්නේ ස්වාධීන උපදේශකවරයකුගේ අධීක්ෂණය යටතේ බව අයිසීසිය ප්‍රකාශ කර ඇතැයි Espncricinfo වෙබ් අඩවිය සදහන් කර තිබේ.

 “අපි සෑම අයිසීසි තරගාවලියකදීම තණතීරු සැකසීම සදහා සත්කාරක පිරිස් සමග කටයුතු කිරීමට ස්වාධීන තණතීරු උපදේශකවරයකු යොදවලා තියෙන්නේ.2019 ලෝක කුසලානයේදීත් ඒකේ කිසිම වෙනසක් නෑ.“ ප්‍රකාශකයෙක් පැවසීය.“ලෝක කුසලානයේ මේ වනතෙක් ලබා දුන් තණතීරු සම්බන්ධයෙන් අපි සතුටු වෙනවා“

“මෙම ඉසව්ව පැවැත්වීම සදහා සිව් වසරක සැලසුමේ කොටසක් ලෙස අපි සෑම කණ්ඩායමක්ම සම්බන්ධීකරණය කරගන්නවා ඔවුන්ට ලැබෙන පහසුකම් ගැන සැහීමකට පත්වෙනවාද යන්න දැනගැනීමට.මෙම සැලසුම් කිරීමේදී අපේ මූලික බලාපොරොත්තුවක් මෙම ඉසව්ව සදහා හැකි උපරිමයෙන් සූදානම් වීම සදහා කණ්ඩායම් දහයටම සමාන ලෙස සැලකුම් ලැබීමට කටයුතු කිරීම.“එම ප්‍රකාශකයා පැවසීය.

හෝටල් සහ පුහුණුවීම් පහසුකම් සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න කටයුතු නොකළත් කොළ පැහැති තණතීරු ලබාදීම සම්බන්ධයෙන් ඔහුගේ කණගාටුව ප්‍රකාශ කළේය.දිමුත් සහ පුහුණූකරු චන්දික හතුරුසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ පිතිකරණයට වාසිදායක තණතීරුවල ක්‍රීඩා කිරීමට කැමති බවයි.

 “මම එකපාරකුත් කිව්වා මිනිස්සු එක්දින තරගවලින් ලොකු විනෝදයක් බලාපොරොත්තුවන බව.ඔවුන්ට අවශ්‍ය පන්දුවාර 100ක තරගයක්(50-50).අද පැවැත්වුණ එංගලන්ත-කොදෙව් තරගය බැලුවොත් ඒක flat තණතීරුවක්.සුදු පාටයි.ඒ එක්කම ඕවල් තණතීරුව දිහා බැලුවොත්.ඒක කොළ පැහැති තණතීරුවත්.මේවා අපි බලාපොරොත්තු නොවන දේවල්.හැම තණතීරුවක්ම සුදුපැහැති(දුඹූරු-පිතිකරණයට හිතකර) තණතීරු විය යුතුයි.අපිට අවශ්‍ය සාධාරණ තණතීරු.ඒක තමා අපට අවශ්‍ය.“දිමුත් කරුණාරත්න පැවසීය.

Espncricinfo ඇසුරෙනි.

Author - Staff writer
Staff writer
Make a Comment