RTI

Mohommed Rizwan is not the Kochchikade Suicide Bomber

13. 06. 2019 | 4.49pm
Change සිංහල | தமிழ் | English
Mohommed Rizwan is not the Kochchikade Suicide Bomber

English translation not available for this post

ඉරිදා ප්‍රහාරයෙන් මිය ගිය අයගේ නම් සහිතව කොච්චිකඩේ පල්ලියේ ඉදිකර ඇති සිහිවටනයේ  සදහන් මොහොමඩ් රිස්වාන් යන නම එහි මරාගෙන මැරුණු බෝම්බකරුවාගේ බවට සමාජ ජාල වල අසත්‍ය තොරතුරක් මේ වන විට පැතිරෙමින් තිබේ.මෙහි මොහොමඩ් රිස්වාන් යනු අවුරුදු 15ක දරුවකු බවට නිල නොලත් ආරංචිමාර්ග පවසයි.

නමුත් කොච්චිකඩේ දේවස්ථානය තුළ මරාගෙන මැරුණ බෝම්බකරුගෙ නම මොහොමඩ් රිස්වාන් නොව අලහුදීන් අහමඩ් මුවාඩ් ය.එමෙන්ම මරාගෙන මැරුණ පිරිස අතර මොහොමඩ් රිස්වාන් නම් කිසිම ත්‍රස්තවාදියකු නොමැත.


කවුද මේ අලහුදීන් අහමඩ් මුවාඩ්

කොච්චිකඩේ දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළේ අලහුදීන් අහමඩ් මුවාඩ්ය.ඔහු තම පවුලේ පස්වැනියා බවත් ඔහු නීති විද්‍යාලයට ඇතුළු වීම සඳහා සුදුසුකම් ලබා සිටි අයෙක් බවත් අධිකරණයේදී කියැවිණි.

අධිකරණයේදී සාක්ෂි ලබා දෙමින් ඔහුගේ මව කියා සිටියේමරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අහමඩ් මුවාඩ් මිය යන විට ඔහුගේ බිරිඳ ගැබිණියක බවත් මැයි 05 වැනි දා ඇය ගැහැණු දරුවෙකු ප්‍රසූත කළ බවත්ය.

බෝම්බකරුගේ බිරිද අධිකරණයේදී ප්‍රකාශ කර තිබුණේ ප්‍රහාරයෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන් මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් ඔහුගේ හිස කොටසක් පෙන්වූ බවත් එය තම ස්වාමි පුර්ෂයාගේ බවට හඳුනා ගත් බව ය.

 මැයි 21 වැනිදා පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කර සිටියේ කොච්චිකඩේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ අලහුදීන් අහමඩ් මුවාඩ්ගේ ඩීඑන්ඒ ඔහුගේ දෙමාපියන්ගේ ඩීඑන්ඒ සමග සැසදුණු බවයි.

මේ වන විට ආරක්ෂක අංශ සහ ඩීඑන්ඒ වාර්තා පවා තහවුරු කර ඇති බෝම්බකරු අලහුදීන් අහමඩ් මුවාඩ් මිස වෙන කිසුවකු නොවේ.පටු අරමුණු උදෙසා මෙලෙස එම ප්‍රහාරයෙන් මිය ගිය තවත් පුද්ගලයකුගේ නමක් බෝම්බකරු ලෙස හංවඩු ගසමින් බලාපොරොත්තුවන්නේ කුමක්ද ?

මේ සම්බන්ධයෙන් මාධ්‍ය ජාලා වල පැතිරුණු ව්‍යාජ තොරතුරු කිහිපයක් පහතින් 



අදාළ නම් සහිත සිහිවටනය

(ශලනි හෙට්ටිආරච්චි)

Author - Staff writer
Staff writer
Make a Comment