RTI

ජනපති මෛත්‍රී තජිකිස්ථානයට ගියේ ඇයි?

13. 06. 2019 | 3.39pm
Change Language
ජනපති මෛත්‍රී තජිකිස්ථානයට ගියේ ඇයි?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) තජිකිස්ථානය බලා පිටත්ව ගියේ ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ සමුළුව සඳහා සහභාගීවීමටයි.

එහිදී සිරිසේන මහතා තජිකිස්ථාන ජනාධිපති ඉමෝමාලි රාමොන් මහතා සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

එම සමුළුව ජූනි 14 සහ 15 වැනිදා දුෂාන්බේහිදී පැවැත්වීමට නියමිතය. මෙහි රාජ්‍ය නායක සමුළුව ජූනි 15 දා පැවැත්වෙන අතර එහිදි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද දේශනයක් ඉදිරිපත් කිරීමට නියමිතය.

ආසියාවේ සාමය, ආරක්ෂාව සහ ස්ථාවරභාවය ප‍්‍රවර්ධනය කිරීම පිළිබඳ සහයෝගීතාව ගොඩනංවනු වස් 1992 වසරේ දී මෙම සමුළුව ස්ථාපිත කරන ලදී. 2002 සිට නිරීක්ෂණ සාමාජිකයකු වූ ශ්‍රී ලංකාවට එහි සාමාජිකත්වය ශ්‍රී ලංකාවට හිමි වූයේ ඉකුත් වසරේ අගෝස්තු මාසයේදීය.

චීනය, රුසියාව, කොරියාව,ඉන්දියාව, පාකිස්ථානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉරානය, ඉරාකය, ඊශ‍්‍රාලය, පලස්තීනය, කටාරය, ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය,තජිකිස්ථානය, තායිලන්තය, තුර්කිය ඇතුළු රටවල් මෙම සමුළුවේ සාමාජිකත්වය දරයි.

Make a Comment