RTI

මේජර් ජනරාල් රුවන් කුලතුංග රාජ්‍ය බුද්ධි ප්‍රධානී ලෙස පත් කෙරේ

13. 06. 2019 | 12.30pm
Change සිංහල | தமிழ் | English
මේජර් ජනරාල් රුවන් කුලතුංග රාජ්‍ය බුද්ධි ප්‍රධානී ලෙස පත් කෙරේ

රාජ්‍ය බුද්ධි ප්‍රධානී ලෙස මේජර් ජනරාල් රුවන් කුලතුංග මහතා පත්කරනු ලැබ ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය කියයි. රාජ්‍ය බුද්ධි ප්‍රධානී ලෙස මීට පෙර කටයුතු කරනු ලැබුවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතාය. සිසිර මෙන්ඩිස් මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සෙවීම සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි සඳහා කැඳවීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම කාරක සභාව විවේචනය කරනු ලැබූ පොලිස් දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග පැවති මාසික හමුවේදී‍ ප්‍රකාශ කර තිබුණේ සිසිර මෙන්ඩිස් මහතා ඉවත් කළ බවයි.නමුත් ඉන් දිනකට පසු සිසිර මෙන්ඩිස් මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වූ බව නිවේදනය කෙරිණි.

සිසිර මෙන්ඩිස් මහතා ඉවත් කළ බව ජනපති විසින් ප්‍රකාශ කරන ලද අවස්ථාව -

Author - Staff writer
Staff writer
Make a Comment