RTI

ඩේවිඩ් වෝනර්ගේ සම්මානය පුංචි ප්‍රේක්ෂිකාවකට

13. 06. 2019 | 11.49am
Change සිංහල | தமிழ் | English
ඩේවිඩ් වෝනර්ගේ සම්මානය පුංචි ප්‍රේක්ෂිකාවකට

ඔස්ට්‍රේලියා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර ඊයේ (12) පැවැති ලෝක කුසලාන තරගයේදී තමන්ට ලැබුණු තරගයේ වීරයා සම්මානය තරගය නැරඹීමට පැමිණ සිටි පුංචි ඕස්ට්‍රේලියානු ප්‍රේක්ෂිකාවකට පරිත්‍යාග කිරීමට ඩේවිඩ් වෝනර් කටයුතු කළ අයුරු ක්‍රිකට් ප්‍රේක්ෂකයින් අතර දැඩි ප්‍රසාදයට ලක්විය.

එම තරගය ඕස්ට්‍රේලියාව ජයගත් අතර එම තරගයේදී ශතකයක් රැස්කිරීම සමග  ඔහුට තරගයේ වීරයා සම්මානය හිමි විය.ඔහු තම අත්සන ද එහි සම්මානයේ සටහන් කළ අතර එම පුංචි දියණිය ඉතාමත් සතුටු වන ආකාරය දැකගත හැකි විය.මෙය මහත්මා ක්‍රීඩාවේ එක් සංධිස්ථානයක් ලෙස ක්‍රිකට් විචාරකයෝ පෙන්වා දෙති.

මෙහිදී වෝනර් ලකුණු 107ක් ලබාගත් අතර එය 2017න් පසු ඔහු ලබාගත් ප්‍රථම ශතකයයි.

එම තරගයේ විස්තර >>



Author - Staff writer
Staff writer
Make a Comment