තද සුළං ගැන අනතුරු ඇගවීමක්

Staff Writer | Author . පරිවර්තනය කරන්න සිංහල හෝ தமிழ் 13. 06. 2019 | 10.57am
තද සුළං ගැන අනතුරු ඇගවීමක්

දිවයින හරහා මේ වන විට පවතින සුළං සහිත තත්ත්වය ඉදිරි දිනවලදීත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

උතුරු, උතුරුමැද හා වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය හා මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝ මීටර් 60 දක්වා තද සුළං ඇතිවිය හැකි බව එම නිවේදනයේ දැක්වෙයි.

සෙසු ප්‍රදේශ හරහා විටින් විට පැයට කිලෝ මිටර් 50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි බවත් පැවසේ.

දිවයිනට බටහිර දෙසින්  වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ වල තද වැසි ඇතිවිය හැකි බවත්  සුළං වේගය ක්ෂණිකව (පැ.කි.මී. 70-80 පමණ) ඉහළ යාමට ඉඩ ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි  හැකියාවක් පවතී.

මන්නාරම  සිට පුත්තලම  හරහා මීගමුව දක්වා සහ  මාතර සිට  හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළහේ වේගය විටින් විට පැ.කි.මී. 60 දක්වා වැඩි විය හැකි බවත් දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රෙද්ශවල සුළහේ වේගය විටින විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැකි බව එහි සදහන් වෙයි.




Share