RTI

ෆේස්බුක් තහනම ඔබටත් බලපානවද?

08. 06. 2019 | 4.44pm
Change සිංහල | தமிழ் | English
ෆේස්බුක් තහනම ඔබටත් බලපානවද?

ෆේස්බුක් සමාගම සියලුම හුවාවේ දුරකථනවලින් ෆේස්බුක්,ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් යන මෘදුකාංග ඉවත් කිරීමට තීරණය කර ඇතැයි පළවන පුවත් අසත්‍ය බව වාර්තා අනුව පෙනී යයි.

ෆේස්බුක් ආයතනය තීරණය කර ඇත්තේ අලුතින් නිෂ්පාදනය කරන හුවාවේ ජංගම දුරකථනවලට ෆේස්බුක්,වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් යන මෘදුකාංග ලබා නොදීමටයි.

එයද තීරණය වී තිබෙන්නේ ජංගම දුරකථනය මිලදී ගැනීමේදි අන්තර්ගත කර එවන ෆේස්බුක් ආයතනයේ මෘදුකාංග මින්පසු ලබා නොදීමටයි.

කිසිසේත්ම දැනට භාවිතයේ තිබෙන හුවාවේ දුරකථනවලට ෆේස්බුක් ආයතනයේ මෘදුකාංග ඉවත් කිරීමට තීරණයක් ගෙන නැත.

නමුත් ෆේස්බුක් ආයතනයේ මෙම තීරණයත් සමග හුවාවේ ආයතනයට තවත් දැඩි පහරක් එල්ල වී තිබේ.

රොයිටර් පුවත් සේවයට අනුව දැනට භාවිතයේ තිබෙන හුවාවේ ජංගම දුරකථනවලට ෆේස්බුක් ආයතනයේ මෘදුකාංග සහ ඊට අදාළ Updates ලබාගත හැකිය.දැනට භාවිතයේ ඇති දුරකථනවල ⁣එම මෘදුකාංග නැතිනම් Google Play Store වෙතින් බාගත කරගැනීමට අවස්ථාව ඇත.

නමුත් අලුතින් නිෂ්පාදනය වන හුවාවේ ජංගම  දුරකථනවලට ගූගල් ආයතනය විසින් Google Plays Store ඇතුළු Google මෘදුකාංග ලබා නොදීමට තීරණය කර ඇති හෙයින් නව දුරකථනවලට ෆේස්බුක් ආයතනයේ මෘදුකාංග ලබාගැනීමට නොහැකි වනු ඇත. 

යම් හෙයකින් හුවාවේ ආයතනය සහ ගූගල් ආයතනය අතර සාකච්ඡා  සාර්ථක වුවහොත් හුවාවේ නව දුරකථන පරිශීලකයන්ට Google Play හරහා බාගත කරගැනීමට හැකිවනු ඇත.

(ශලනි හෙට්ටිආරච්චි)

Author - Staff writer
Staff writer
Make a Comment



Breaking News
ලාසා වයිරසයෙන් නයිජීරියාවේ 29ක් මරුට
ලාසා වයිරසයෙන් නයිජීරියාවේ 29ක් මරුට
Read More | 2020-01-28
වූහාන් සිට එන ශිෂ්‍යයින් සති 2කට හමුදා කඳවුරකට
වූහාන් සිට එන ශිෂ්‍යයින් සති 2කට හමුදා කඳවුරකට
Read More | 2020-01-28
'චීන කාන්තාව ලංකාවේ සංචාරයට පැමිණ ඇත්තේ කණ්ඩායමක් සමගයි'
'චීන කාන්තාව ලංකාවේ සංචාරයට පැමිණ ඇත්තේ කණ්ඩායමක් සමගයි'
Read More | 2020-01-27
ඉන්දූනීසියාවේ සිට පැමිණි ගුවන් යානයක සිටි කාන්තාවක් IDH රෝහලට
ඉන්දූනීසියාවේ සිට පැමිණි ගුවන් යානයක සිටි කාන්තාවක් IDH රෝහලට
Read More | 2020-01-27
රුධිර සාම්පල පරීක්ෂා කළ අයට කොරෝනා වෛරසය නැහැ-MRI
රුධිර සාම්පල පරීක්ෂා කළ අයට කොරෝනා වෛරසය නැහැ-MRI
Read More | 2020-01-25
අජිත් ප්‍රසන්න රිමාන්ඩ් - මානසික වාර්තාවක් කැඳවයි
අජිත් ප්‍රසන්න රිමාන්ඩ් - මානසික වාර්තාවක් කැඳවයි
Read More | 2020-01-24
සයිබර් අපරාධවලට එරෙහිව රජයෙන් නව නීති
සයිබර් අපරාධවලට එරෙහිව රජයෙන් නව නීති
Read More | 2020-01-24
 ලයිසන් ගැනීමේදී වෛද්‍ය පරීක්ෂණයට දින වෙන්කරගන්න ඔන්ලයින් ක්‍රමවේදයක්
ලයිසන් ගැනීමේදී වෛද්‍ය පරීක්ෂණයට දින වෙන්කරගන්න ඔන්ලයින් ක්‍රමවේදයක්
Read More | 2020-01-22
බැඳුම්කර විගණන වාර්තාව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කරන්නැයි ඉල්ලීමක්
බැඳුම්කර විගණන වාර්තාව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කරන්නැයි ඉල්ලීමක්
Read More | 2020-01-22
මහබැංකු වෝහාරික විගණන වාර්තාව ඉදිරිපත් කිරීම යෝග්‍යයි-කථානායක
මහබැංකු වෝහාරික විගණන වාර්තාව ඉදිරිපත් කිරීම යෝග්‍යයි-කථානායක
Read More | 2020-01-21