RTI

කොදෙව්වන් හමුවේ පකිස්තානය අසරණ වෙයි

31. 05. 2019 | 5.51pm
Change Language
කොදෙව්වන් හමුවේ පකිස්තානය අසරණ වෙයි

2019 ක්‍රිකට් ලෝක කුසලානයේ පකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවති තරගය විශිෂ්ට ලෙස ජයගැනීමට බටහිර  ඉන්දීය කොදෙව්වන් අද (31) සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පැමිණි පකිස්තානයට ලබාගත හැකි වූයේ ලකුණු 105ක් පමණි.

කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව්වන්  පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය.

පන්දුවාර 13.4කදී කඩුළු 03ක් පමණක් දැවී  ජයග්‍රහණය ලබා ගැනීමට බටහිර ඉන්දිය කොදෙව්වන් සමත් විය.

පකිස්තානය -105/10 (21.4) - ෆාකර් සමාන් 22,බාබර් අසාම් 22,වහාබ් රියාස් 18

පන්දු යැවිම - ඔසේන් තෝමස් 4/27,ජේසන් හෝල්ඩර් 3/42,ඇන්ඩෘ රසල් 2/4,

බටහිර ඉන්දියාව -108/3 (13.4) - ක්‍රිස් ගේල් 50,නිකලස් පූරාන් 34 

පන්දු යැවීම - මොහොමඩ් අමීර් 3/26

තරගයේ වීරයා - ඔසේන් තෝමස් (කඩුළු 04)

Make a Comment