RTI

රංගන ශිල්පීනි චිත්‍රා වාකිෂ්ඨ අභාවප්‍රාප්ත වෙයි

31. 05. 2019 | 1.59pm
Change Language
රංගන ශිල්පීනි චිත්‍රා වාකිෂ්ඨ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පිනී චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය අද (31) අභාවප්‍රාප්ත විය.මිය යන විට ඇයගේ වයස අවුරුදු 83කි.

ජනාධිපති සම්මාන ලාභි නිලියක වූ ඇය මෙරට ප්‍රථම ටෙලිනාට්‍යයය සහ දකුණු ආසියාවේ ප්‍රථම වර්ණ ටෙලිනාට්‍ය වූ ' දිමුතු මුතු' ටෙලිනාට්‍යය⁣ට රංගනයෙන් දායක වූවාය.

එමෙන්ම ඇය මෙරට දීර්ඝතම  ටෙලිනාට්‍ය ලෙස සැලකෙන 'කෝපි කඩේ' ටෙලිනාට්‍යයටද රංගනයෙන් දායක වූවාය.

ගැහැණු ළමයි,රන්තෝඩු,කම්මුල් පහර වැනි සිනමා නිර්මාණ රැසකට ද ඇය දායකත්වය සැපයූවාය.

Make a Comment