RTI

මීගමුව සිද්ධිය-කටකතාවලට නොරැවටෙන්නැයි පොලිසිය ඉල්ලයි

30. 05. 2019 | 12.55pm
Change Language
මීගමුව සිද්ධිය-කටකතාවලට නොරැවටෙන්නැයි පොලිසිය ඉල්ලයි

පාසල්වල ආරක්ෂාව සම්බන්ධයෙන් පැතිරෙන අසත්‍ය කටකතාවලට නොරැවටෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

මීගමුවේ ඇතැම් පාසල්වල දෙමාපියන් තම දරුවන් ඉවත් කරගැනීමට කටයුතු කරගෙන තිබුණේ කටකතාවකට අනුවය.

පාසල්වල ආරක්ෂාව සදහා ආරක්ෂක අංශ යොදවා ඇති බවත් මුර සංචාර යොදවා ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.

කඩාකප්පල්කාරීන්ගේ කටකතාවලට අසු වී දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් නොකරන මෙන් ඔහු ඉල්ලා සිටී.

 

Make a Comment