RTI

ඔස්ට්‍රියානු රජය විශ්වාසභංගයකින් පරදියි-භාරකාර රජයක් පත්කෙරේ

28. 05. 2019 | 12.17am
Change සිංහල | தமிழ் | English
ඔස්ට්‍රියානු රජය විශ්වාසභංගයකින් පරදියි-භාරකාර රජයක් පත්කෙරේ

ඔස්ට්‍රියානු චාන්සලර් සෙබස්ටියන් කුර්ට්ස් සහ එරට රජය විශ්වාසභංග යෝජනාවකින් පරාජය විය.

මේ හේතුවෙන් මැතිවරණයක් පවත්වන තෙක් භාරකාර රජයක් පත් කළ යුතුය.

ඕස්ට්‍රියාවේ රජයට එරෙහිව ගෙනා  විශ්වාසභංගය විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක් කැඳවමින් විවාදයට සහ ඡන්ද විමසීමට ගෙන තිබුණු බව බීබිසි පුවත් සේවය වාර්⁣තා කරයි.

එරට විපක්ෂය වන Social Democrats පක්ෂය ගෙනා විශ්වාසභංගයට  far-right Freedom Party ඇතුළු පක්ෂ කිහිපයක සහයෝගය හිමි විය. 

far-right Freedom Party යනු පෙර පැවති සබාග ආණ්ඩුවේ අනෙක් හවුල්කාර පක්ෂයයි.එම පක්ෂ⁣යේ නායකයකු සිටින වීඩියෝ පටයක් මුදාහැරීමත් සමග ඇතිවූ ආරවුලක් හේතුවෙන් සබාග ආණ්ඩුව අවසන් විය.

එම වීඩියෝ පටයේ දැක්වුණේ එම පක්ෂයේ නායක හිටපු උප චාන්සලර් ක්‍රිස්ටියන් කාන්තාවකට මූල්‍යමය සහ දේශපාලනික සහය බලාපොරොත්තුවෙන් කොන්ත්‍රාත්තුවක් ලබාදීමට එකඟ වන දර්ශනයි.මෙම වීඩියෝ පටය නිකුත් වීමත් සමග ඔහු එම තනතුරුවලින් ඉවත් විය.අදාළ වීඩියෝ පට නිකුත් කර තිබුණේ ජර්මානු මාධ්‍ය ආයතන දෙකක් විසිනි

මීළග චාන්සලර් තීරණය කළ යුත්තේ ඕස්ට්‍රියාවේ ජනපතිවරයා ය.එලෙස පත්කරනු ලබන නව චාන්සලර්වරයා මැතිවරණය පැවැත්වෙන තුරු පත්කෙරෙන බාරකාර රජයේ ප්‍රධානීත්වය දරනු ඇත.

ඕස්ට්‍රියාවේ යුද්ධයෙන් පසු විශ්වාසභංගයක් පරාද වූ පළමු චාන්සලර්වරයා ලෙස කොන්සවේටිව් ඕස්ට්‍රියන් ජනතා පක්ෂයේ ප්‍රධානී කුර්ට්ස් ඉතිහාසයට එක්වෙයි.

වයස 32දී ලෝකයේ ලාබාලතම රාජ්‍ය නායකයා ඔහු විය.

Social Democrats පක්ෂය විශ්වාසභංග යෝජනා දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඉන් එකක් චාන්සලර්වරයාට එරෙහිව ද අනෙක එරට ආණ්ඩුවට එරෙහිවද ඉදිරිපත් කෙරිණි.

පාර්ලිමේන්තුවේ ආසන 183කින් ආසන 52ක් Social Democrats පක්ෂයට හිමි අතර far-right Freedom පක්ෂයට ආසන 51ක් හිමිය.

විශ්වාසභංගයේදී far-right freedom පක්ෂය සහය ලබාදීමට එකඟතාවය පළ කළේය.

-BBC ඇසුරෙනි 

අදාළ වීඩියෝව >>>

Author - Staff writer
Staff writer
Make a Comment