RTI

අයිඑස් සමග සම්බන්ධ වූ ප්‍රංශ ජාතිකයින් 03කට මරණ දඬුවම්

27. 05. 2019 | 12.41pm
Change Language
අයිඑස් සමග සම්බන්ධ වූ ප්‍රංශ ජාතිකයින් 03කට මරණ දඬුවම්

අයිඑස් සංවිධානය සමග සම්බන්ධ වූ බවට වරදකරු වූ ප්‍රංශ ජාතිකයින් තිදෙනකුට මරණ දඬුවම් ලබා දීමට ඉරාක අධිකරණය තීන්දු කර තිබේ.

ඔවුන් තිදෙනාට අභියාචනා ඉදිරිපත් කිරීමට දින 30 ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකාවට සහය දක්වන සන්නද්ධ කල්ලි විසින් අල්ලාගනු ලැබු ප්‍රංශ ජාතිකයින් 12 දෙනා අතර මොවුන් සිට ඇති අතර පසුගිය පෙබරවාරි මාසයේදී ඔවුන් නඩු විභාගය සඳහා ඉරාකයට මාරු කෙරිණි.

මෙලෙස මරණ දඬුවම් ලැබූ පළමු අයිඑස් ප්‍රංශ ජාතිකයින් මොවුන් ය.

තවමත් මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් ප්‍රංශය අදහස් දක්වා නැත.

මානව හිමිකම් සංවිධාන මෙම නඩු විභාග සම්බන්ධයෙන් දැඩි විරෝධයක් දක්වන බව වාර්තා වෙයි.

Make a Comment