RTI

ප්‍රංශයේ බෝම්බ පිපිරීමක්

25. 05. 2019 | 10.35am
Change සිංහල | தமிழ் | English
ප්‍රංශයේ බෝම්බ පිපිරීමක්

ප්‍රංශයේ Lyon නග⁣රයේ සිදුවු බෝම්බ පිපිරීමකින් 13 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බයිසිකලයකින් පැමිණි පුද්ගලයකු මෙම බෝම්බය අටවා ගොස් ඇතැයි එරට පොලිසිය පවසයි.

පරීක්ෂණ සිදු කරන බලධාරීන් පවසන්නේ ඇණ සහිත පාර්සල් බෝම්බයක් මෙම පිපිරීමට හේතු වන්නට ඇති බවයි.

මෙම පිපිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක්ද යන්න සොයාබැලිමට මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

CCTV කැමරාවල අදාල සැකකරුගේ ඡායා සටහන් වී ඇති අතර පොලිසිය සැකකරු හඳුනාගැනීමට මහජන සහය පතයි.



Author - Staff writer
Staff writer
Make a Comment