RTI

පවුලේ 09 දෙනයි - ලැබුණේ ඡන්ද 05යි

24. 05. 2019 | 3.21pm
Change Language
පවුලේ 09 දෙනයි - ලැබුණේ ඡන්ද 05යි

පවුලේ සාමාජිකයින් 09 දෙනකු සිටින ඉන්දියාවේ පන්ජාබයේ ස්වාධීන අපේක්ෂකයකුට ඡන්ද පහක් පමණක් ලැබී ඇති පුවතක් Times of India පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

Neetu Shutteran නම් ඔහු හඬමින් අදහස් පල කරන විඩීයෝවක් සමාජ මාධ්‍ය ජාල වල ප්‍රසිද්ධ වී තිබේ.

"මගේ පවුලේ ඡන්දය හිමි නව දෙනෙක් සිටිනවා.නමුත් මට ලැබී ඇත්⁣තේ ඡන්ද 5ක් පමණයි.මේ නිසා මම කම්පනයට පත්ව සිටිනවා.මාගේ නිවස පිහිටි පාරේ ගොඩ දෙනෙක් මට ඡන්දය දෙනවා කියලා කිව්වා.නමුත් මට ලැබුණේ ඡන්ද 05ක් පමණයි.මගේ ව්‍යාපාර කටයුතුවලින් මාසයකට පමණ ඇත් වී මිනිස්සු සමග වැඩ කළා.නමුත් ඔවුන් මට ඡන්දය දුන්නේ නෑ."යැයි Neetu Shutteran පැවසීය.


Make a Comment