RTI

ඥානසාර හිමි නිදහස් කෙරේ

23. 05. 2019 | 5.30pm
Change Language
ඥානසාර හිමි නිදහස් කෙරේ

බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි මිට සුළු මොහොතකට පෙර නිදහස් කෙරිණි.

ඥානසාර හිමියෝ මේ වන විට වැලිකඩ බන්ධනාගාරයෙන් එලියට පැමිණ සිටිති.

ඥානසාර හිමියන් නිදහස ලබා බන්ධනාගාරයෙන්  එලියට පැමිණෙන අවස්ථාවට විශාල පිරිසක් එක්ව සිටියහ.

මේ හේතුවෙන් ඥානසාර හිමියන් අදාළ පිරිස එක්ව සිටි ගේට්ටුවෙන් පිටත් නොකර වෙනත් ගේට්ටුවකින් පිටත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබිණි.

ඥානසාර හිමිට ජනාධිපති සමාව ලබා දී නිදහස් කිරීමට අදාළ ලියකියවිලි සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(22) අත්සන් කළේය.

අධිකරණයට අපහාස කළැයි වූ චෝදනා හතරකට වරදකරු කෙරුණු ඥානසාර හිමියන්ට වසර 19 ක සිරදඬුවමක් අභියාචනාධිකරණය නියම කළ අතර එම දඬුවම වසර 6 කින් ගෙවිය යුතු බව නියෝග කළේය.

ඉකුත් අගෝස්තු 08 වැනිදා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරුවරු අදාළ තීන්දුව ලබා දුන්හ.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කිරීමට අදාළ නඩු⁣ව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණ භූමිය තුළ කලහාකාරී ආකාරයෙන් හැසිරීම මගින් අධිකරණයට අපහාසයක් සිදු කළැයි චෝදනා ගොනු කර තිබිණි.


Make a Comment