RTI

පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප්‍රහාරය එල්ල වී මාසයක් ගත වී ඇත.නමුත්

21. 05. 2019 | 1.30pm
Change Language
පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප්‍රහාරය එල්ල වී මාසයක් ගත වී ඇත.නමුත්

2019 අප්‍රේල් 21 වැනි පාස්කු ඉරිදා, ශ්‍රි ලංකාවේ පල්ලි තුනක් සහ කොළඹ වාණිජ අගනුවර සුඛෝපභෝගී හෝටල් තුනක් ඉලක්ක කරමින් සිදුවූ ත්‍රස්තවාදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 300කට ආසන්න පිරිසක් මිය ගියහ.විදේශිකයන් ද 50 දෙනකු පමණ මිය ගොස් තිබිණි.

එදිනම සවස දෙමටගොඩ නිවාස සංකීර්ණයේ නිවසක පිපිරීමක් සිදු වූ අතර දෙහිවල ප්‍රදේශයේ නවාතැන්පලකද පිපිරීමක් සිදුවිය. 

එම පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප්රහාරය එල්ල වී මාසයක් ගත වී ඇත.නමුත්,

 අයිඑස් සංවිධානය තවමත් ලංකාවේ තහනම් නැත.
 පාසල් පද්ධතිය තවමත් යථා තත්ත්වයට පත් වී නැත.
 ප්රහාරය ගැන පෙර දැනුවත්ව සිට ක්රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් වගකීම බාරගෙන කිසිවෙක් ඉල්ලා අස්වී නැත.
 ප්රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ලවන කිසිදු අමාත්යවරයකු හෝ මන්ත්රීවරයකු සම්බන්ධයෙන් අවම වශයෙන් විනය පරීක්ෂණයක්වත් සිදුකර නොමැත.
ප්රහාරය සම්බන්ධයෙන් සැකසූ කමිටු වාර්තා හෝ ඒවා⁣ට ගත් ක්රියාමාර්ගයක් නැත.
 #විශේෂම_කරුණ -රජය පෙර දැනුවත්ව සිට සිදුවූ මෙම අ⁣මානුෂික ප්‍රහාරය පිළිබඳ මහජනතාවට දැන් මතක නැත.





Make a Comment