RTI

පෙර දැනුම්දීමක් නැතිව අන්තර්ජාල පහසුකම් අත්හිටුවයි

15. 05. 2019 | 9.00am
Change සිංහල | தமிழ் | English
පෙර දැනුම්දීමක් නැතිව අන්තර්ජාල පහසුකම් අත්හිටුවයි

කිසිදු පෙර දැනුම්දීමක් නොමැතිව අන්තර්ජාල පහසුකම් අත්හිටුවයි

නොසන්සුන්තාවන් ඇතිවන ප්‍රදේශවලට රාත්‍රියට අන්තර්ජාල සේවා සම්පූර්ණයෙන් අවහිර කිරීමට රජය පටන් ගෙන තිබේ.කලහකාරී සිද්ධි සිදුවු 13 සහ 14 දෙදින තුළ ගම්පහ සහ වයඹ පළාත්වලට මෙලෙස අන්තර්ජාල පහසුකම් සම්පූර්ණයෙන්ම අවහිර කරන ලදී.




වැදගත්ම දේ මෙලෙස අන්තර්ජාල සේවා සම්පූර්ණයෙන් අවහිර කරන්නේ පෙර දැනුම්දීමක් හෝ නොකරය.එවන් අවස්ථාවලදී සමාජ මාධ්‍ය ජාලා හරහා පමණක් නොව අන්තර්ජාලය හරහා ව්‍යාපාර කටයුතු හා එවන් කටයුතු සිදුකරන පුද්ගලයන් නොදැනිම අනාතය.විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයින් මෙරට සිටින තම පවුලේ අයට ඇමතුම් ගනු ලබන්නේ ස්කයිප්,ඉමෝ,වයිබර්, සහ වට්ස්ඇප් වැනි ජාලා භාවිතයෙනි.මෙලෙස කිසිදු පෙර දැනුම්දීමකින් තොරව අන්තර්ජාල පහසුකම් අවහිර කළ විට එවන් පිරිස්වලටද දුරකථන ඇමතුම් ගැනීමට නොහැකි වේ.රජය එලෙස යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්නේ නම් ඒ ගැන මහජනතාව පෙර දැනුම්වත් වීය යුතුය.අඩුම තරමේ අදාළ දුරකථන සමාගම්වලින්වත් ජනතාවට දැනුම්දීමක් කළ යුතුය.එම අවස්ථාවලදී මේ ගැන නොදන්නා පිරිස් සිම්පත් ගලවා දුරකථනය Restart කර බැරිම තැන Reset කළ අවස්ථාද නැතුවාම නොවේ.පෙර දැනුම්දීමක් තිබුණානම් මෙලෙස වන්නේ නැත.




ඩයලොග් හොට්ලයින් සේවාව හරහා ඩයලොග් ආයතනයේ පාරිභෝගික සේවා අංශයට ගත් ඇමතුමකදී පැවසුවේ රජයේ නියෝගයකට අනුව ගම්පහට සහ වයඹට ඉකුත් 13 වැනිදා සහ 14 වැනිදා සම්පූර්ණයෙන් අන්තර්ජාල පහසුකම් අවහිර කර තිබූ බවයි.මීට අමතරව එම ආයතනයෙන් ඊමේල් හරහා කළ විමසීමකදී පැවසූවේ ගම්පහ සහ වයඹ ප්‍රදේශවලට අන්තර්ජාල පහසුකම් සම්පූර්ණයෙන් අවහිර කරනු ලැබුවේ විදුලි සන්දේශ නියාමන කොමිසමේ නියෝගයකට අනුව බවයි.

එම ආයතනය එවූ ඊමේල් පණිවුඩය


“Dear Customer,

Thank you for your email.

Please make a note that the data service within Gampaha and North Western Province was suspended upon directive issued by the Telecommunications Regulatory Commission of Sri Lanka (TRCSL)

Hence, if you need further clarification you can contact the Telecommunications Regulatory Commission of Sri Lanka (TRCSL) via any of the below numbers.

0112662215

0112662216

0112662222

Charges when calling from a Telecom line will be Free of charge

0115376159

Charges when calling from a Lanka Bell line will be Free of charge

0114514067

Charges when calling from a Suntel line will be Free of charge

1900

Emergency hotline ( Rs.2 + taxes per minute)

Author - Uditha Dissanayake
Uditha Dissanayake
Make a Comment